Friday, November 23, 2012

ඔවුන් මෝඩද?


යකුන් දෙවියන් කියපු කාලේ ඇලද කුඹුරද යාකරා
…ඔවුන් මෝඩයි කියපු කාලේ කානු ජලයත් උතුරලා

…වවං කාගෙන හිටපු කාලේ රටට යැයි ගොඩ දෙයක් තිබුනා
…ලොවට යන්නට හදපු කාලේ රටම ලොවෙ අසරණ වුනා

…කාළ කුමරුන් කියපු කාලේ ඇයට රැකවරණය වුනා
…ඒව බොරු යැයි කියපු කාලේ දසත බලු වැඩ සිදු වුනා

…අපේ ක්‍රම විදි තිබුනු කාලේ බටහිරේ උන් එක්ක හැපුනා
…ඒව බොරු වැඩ කියපු කාලේ අසල රටකට බයේ උන්නා

…අපේ වෙදකම තිබුනු කාලේ බොහෝ විස්කම් වැඩ කියා
…ඒව බොරුවැඩ කියපු කාලේ බෙහෙත් විදලත් මිය ගියා

…රාජ පාලන තිබුන කාලේ රටේ දියුනුව ඇති කලා
…එහෙව් පාලන වැරදි කියලා නොගැලපෙන වර්ධන කලා

Friday, November 16, 2012

ලොව ජයගන්න....



…යුතුකම නියම ලෙස සැමවිට කරලන්න
…නොපෙනෙන දෙයට කාලය වැය නොකරන්න
…උත්සහ අරන් යයුතු තැන වෙත යන්න
…බුද්ධියෙ වැඩ අරන් හරියට වැඩ කරන

…උපන් රාට නමින් සැමදා වැඩ කරන
…එවිටයි ලොවම ඔබ වෙත ගරු පුද කරන
…කොතනදි උනත් යුක්තිය වෙනුවෙන් ඉන්න
…ලොවටම වටින මිනිසෙක් ලෙස සිටගන්න...

Friday, November 9, 2012

තලපු යකඩය මෙහෙම හිතනව....


…දස්කම් සපිරි දැතක් හා එක්වීලා
…තැලුවේ මමයි ලෝකෙට ඔබ යයි සිතලා
…හරි අතකටම යන්නට පැතුමක් දීලා
…ඉන්නම් සදා මම කම්මලටම වීලා

Saturday, November 3, 2012

ජීව ගුණය රැකුණා....


දෙසිය ගනනක් ගහන ලෙසිනා
…සීය පසු කර අටක් වැටුනා
…සිතා ගන්නට නොහැකි ලෙසිනා
…පරාජයෙ මුව එසේ ඇරුනා

…සැබෑ සටනක් ඉතින් සැදුනා
…ඔවුන් දෙදෙනා සටන දුන්නා
…තවම මේ ලොව මවිත කරනා
…සැබෑ සටනට වසක් පිරුනා

කඩුලු 8ක් වැටී තිබියදී ලසිත් මාලිංග හා ඇන්ජලෝ මැතිව්ස් MCG පිටියේදී ජයග්‍රහනය වෙනුවෙන් වාර්තා කල විශිෂ්ට කඩුලු සම්බන්දතාවයට වසරක් පිරීම හේතුවෙනි....