Saturday, February 23, 2013

දෙවියා හා දේවාලය

දේවාලයයි එය රටට සවිය දුන්න
පිං බිමක් තමයි එය  සැමට කන්න දුන්න
වීරයන් බොහෝ ලක් මවට පිදුව එතන
කුඹුර තමයි එය බඩ ගින්දර නිවන

ඔහු ශ්‍රමයෙන් කන අය ලොව ජයගන්න
දවස පුරා රට වෙනුවෙන් බත දෙන්න
දේශය වෙනුවෙන් කැපවී වැඩ කරන
දෙවිදු ඔහුයි කුඹුරක් මත වැඩ ඉන්න

Saturday, February 9, 2013

වාදකයා.....


වීදිය අයිනේ නලාව අතරින් තාලය බෙදලා දුන්නෙ ඔබයි
…රස පමනක් නොව ජීවිත පාඩම අපහට කියලා දුන්නෙ ඔබයි
…කැලඹෙන වා කද අතේ දරාගෙන කැලඹෙන දිවියට සටන සොයයි
…තම දිවි අයදින නලාව හඩවන ඒ අමුතුම ගුරුතුමා ඔබයි

…අතපය තිබියදි දිවිතොරකරගත් දන හට හරි පිලිතුර දුන්න
…සොර වංචා නැති මනුසත් දිවියට නිවැරදි උපදෙස ලැබ දුන්න
…තම හැකියාවෙන් දිවි රැකගන්නට උපරිම දිරි අරගෙන යෙදෙන
…සැබැඑම මිනිසෙකි ඔබනම් මේ ලෙස බටනලාව පිබඹින

Friday, February 1, 2013

නිදහස?


…පිටරට මුදල් ගෙන පොලියට හා ණයට
…ආධාරයෙන් දියුණුව යැයි රට රවට
…නොබලන කලට නව දෙයකින් ජය ගන්ට
…පිටරට වලට වදිනා නිදහස කුමට

…වැරදි කරුවො කවුරුත් බැහැ එල්ලන්න
…ආධාරයක් අඩුවන බව දැන ගන්න
…දේශය විකුනමින් උං සුර සැප විදින
…කවුරුත් කලේ ඔය ටික බව දැන ගන්න