Wednesday, August 27, 2014

දොස්තර?

පොඩි ළමයකුට අපයෝජන සිදු කරපු
ජීවකයන්ගෙ නම කැත කරලා දාපු
මෙහෙම එවුන් එල්ල්න්නට බැරි කරපු
කවුද මෝඩයා අපෙ නීතිය හදපු

වෙනින් ඩොකාලත් මූ හට උදව්වලු
එහෙම උනුත් මේ දිවයිනෙ ඉන්නවලු
උන් බල කරල වර්තාවක් හදනවලු
කාටත් හොරා වංචාවත් රජ වෙයිලු  

Wednesday, August 20, 2014

වැඩ වර්ජන

වැඩ නොකෙරුමෙන් බෑ කිසිවක් ජය ගන්න
එකඑක කියුම් මත බොරුවට නොනැමෙන්න
ල‍ොකුලොක්කන්ට එලෙසට බෑ රිදවන්න
ඔබ වැනි අයම තැලෙනා බව දැනගන්න

රටත් ඔබත් වැඩ වැරුමෙන් නැගෙන්නැත
එබ මෙන් රටත් වැඩ කෙරුමෙන් නැගෙනු ඇත
යුතුකම කරපු ලෙස ඇතිවන සතුටු සිත
ඔබ මිය ඇදෙන තුරු හද තුල තිබෙනු ඇත

Saturday, August 16, 2014

නියගය

රට සරු කරපු ගොවි බිම් අද වේ‍‍ලෙනවා
ලොක්කන් ගස් කපා ගොවියන් විදවනවා
මාස ගනන් වැව් වල ජල බිදු නැතුවා
බීමට වතුර සොයමින් දුර ඇවිදිනවා

නෙක නෙක සිහින පෙන්නා ඡන්දය ගන්න
බලවත් මහතුනේ ප‍ොඩ්ඩක් දැනගන්න
නැවත වරක් ම‍ේ විපතක් නොමවෙන්න
දිගුකල් සැළැස්මක් දැන්වත් ගෙන එන්න