Tuesday, November 18, 2014

විනෝදයට ඇයි වැටවල් බැද ගන්නේ....

වෙනත් අයට කරදරයක් නොම වෙන්නේ
ඉන්නා ටිකේ සතුටින් දිවි ගෙනයන්නේ
ලැබෙනා දෙයින් සැමදෙන හා හිනැහෙන්නේ
විනෝදයට, ඇයි වැටවල් බැද ගන්නේ

පැවරෙන යුතුකමත් සතුටින් කරන ගමන්
මනුසත් දිහා එක විදිහට බලන ගමන්
අළුත්, පැරණි දේ නිවැරදි ලෙස ගනිමින්
දියුණුව කරා දිවි අරගෙන යමු සතුටින්

Wednesday, November 5, 2014

නව නිපැයුම්...

ලෝකය සමග රට පෙරටම ගෙනයන්න
අළුතෙන් සිතා අළුතෙන් දේ නිපදන්න
හෙට දින හැදෙන නව ලෝකය ජයගන්න
මනුසත් දියුණුවට විද්‍යා කරකන්න

අළුත් දෙයක් තනමින් ලොව ජයගන්න
අනාගතේ ලොව වෙනසට ගෙනයන්න
කරනා විටදි තව මොහොතක් සිතමින්න
සොබාදහම හැමදාටම රැකගන්න