ටිකක් හිතන්න
හැම දේ ගැනම අළුතෙන් සිතලා බලන අළුතෙන් සිතන්නට ලියනා කවි වදන
Wednesday, October 28, 2015
...
අකුරකට දිවි ඇත්ද දුක සතුට ලැබ දෙන්න
හැගුමකට පුළුවන්ද වචනයක හිරවෙන්න
සිහිනෙකට හැකිවේද පද පේලි පුරවන්න
කවියකට හැකිවේද ජීවිතය පවසන්න
Wednesday, October 14, 2015
ලෝක ආහාර දිනය...
කන්න වැඩිව විසි කරනා අපේ ලොවේ
අස්වැන්නට මිලක් නැතිව බොහෝ තැවේ
කුසගින්නට අහර නැතිව තවත් තැවේ
අහර දිනය සමරනවලු මෙහෙම ලොවේ
කුසගිනි වැඩිව දුක් විදිනා ඒ අයටයි
පාලනයෙන් තොරවී විදවන අයටයි
අහර විසවෙලා විදවන මිනිසුන්ටයි
විසදුම ගෙනාවොත් හෙට ලෝකයට හොදයි
බටුවන්ගල රාහුල හාමුදුරුවන්ගේ කවියත් මාතෘකාවට අදාලයි කියල හිතුණ...
Monday, October 5, 2015
ගුරු දිනය වෙනුවෙන්...
අඩුව නොකරම දැනුම දේනම්
කිසිම අයෙකුට වෙනස නැතිනම්
නැවුම් වෙනසට දිරිය වේනම්
රටම බාරයි ඔබට එහෙනම්
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)