Monday, May 25, 2015

පාර අරිනවද?

ශ්‍රී ලංකාවේ ඉහලම වායු දූෂණය සහිත නගරය මහනුවරයි.මෙම තත්වය අවම කිරීමට බොහෝ විද්වතුන්ගේ විසදුම වූයේ දළදා මාළිගය අසළින් ඇති මාර්ගය රත වාහන සදහා විවෟත කිරීමයි...

වැව රවුමේ තෙල් දහනය අඩු වෙන්නයි
නගරෙ තිබෙන තදබදයද අඩු වෙන්නයි
නුවර අපේ පෙනහළු ටික රැක ගන්නයි
මාවත විවර කර පින්කම කර ගන්නයි

Saturday, May 16, 2015

සය වසරක්...

සය වසරක්ම ගිය බව මතකෙට ගනිමු
සැමහට රටේ ඇති අයිතිය සිහි තබමු
සැක දුරු වෙන්න අවබෝධය ඇති කරමු
එකම රටක් ලෙස එක ගමනක යෙදෙමු

යුද්දය ඉවර වෙලා සය වසරකට පසුත් සිත් තුල තිබෙන සැක සංකා තවමත් දුරු වෙලා නෑ.අධ්‍යාපනය,සාහිත්‍ය,කළාව වැනි දේ තුලින් මිනිසුන් අතර විශ්වාසය සහ අව‍‍බෝධය ඇති කළ යුතුයි.

Monday, May 11, 2015

පියඔන්න...

එපිටින් තියෙන සුවිසල් ලොව දැකගන්න
නිදහස ඇතිව ලෝකය තුල ඉගිලෙන්න
සිහිනය තිබේ කවදා හෝ ජයගන්න
ගෙදරින් නික්මිලා ලොව වෙත පියඔන්න

මුන් දෙන්නත් ගිය අවුරුද්දෙ උසස් පෙළ ලියපු අප වගෙයි කියල හිතුනා...

Saturday, May 2, 2015

වෙසක් පැතුම...

දිලිසෙන පහන් කූඩුව වැනසෙනව වැනී
පුදසුනෙ තිබෙන හැඩමල් පරවෙනව වැනී
මෙලෙසට ලොවේ අස්ථිර බව හදට දැනී
සිටිනා අයෙක් බුදු දහමේ හරය දනී

ප්‍රඥ්ඥා බලෙන් මෝහන්ධය දුරු වේවා
වෛරය දුරු වෙමින් මෙත් මග පෑදේවා
සැබෑ දහම නිවැරදි ලෙස වැටහේවා
තෙරුවන් ගුණෙන් මුළු ලොවටම සෙත් වේවා