Saturday, April 30, 2016

පාලකයිනේ,

වැඩට හෙලනා දාඩියේ නිසි අගය ඉල්ලා
පෙරට ආ ඒ දිරිය මිනිසුන් රුහිරු හොල්ලා
එදානැගිටුම එහෙව් අයුරින් නතර කරලා
මෙදා උඹලම දිනය විකුණා සමරපල්ලා

Friday, April 22, 2016

මිහිකත සුරකින්න...

සංවර්ධනය නාමෙන් වන එළිවෙනවා
දැරිය නොහැකි ලෙස කම්හල් ඉදිවෙනවා
වාතය,ජලය මෙන් පොළවද විෂවෙනවා
ඉවසුම් නොදෙන ලෙස මිහිකත රත්වෙනවා

හැකි සැම විටම තිබෙනා ගස් රැකගන්න
හෙට වෙනුවෙන්ම අලුතෙන් පැළ සිටුවන්න
අපව රකින ගං ඇළ දොළ රැකගන්න
අද මෙන් හෙටත් මේ මිහිකත සුරකින්න

මිහිකත දිනය වෙනුවෙනි...

Sunday, April 3, 2016

(අ)සුභවාදී

බාගය නොමැති බව කීමද කළ යුත්තේ?
බාගය තිබෙන බව කීමද කළ යුත්තේ?
බාගය පිරවීම නොවෙදෝ කල යුත්තේ?
මේවට දෙන්න පිළිතුරු මොනවද ඇත්තේ?

කුප්පි ලාම්පුව එලියයි සිතු අයද?
ඒ එලි මදියි යලි අලුතෙන් සිතු අයද?
ලෝකය වෙනස් කලෙ මේ අයගෙන් කවුද?
දන්නා කෙනෙක් මට පහදා කියනවද?