Tuesday, August 30, 2016

පාවෙන වළාකුලෙන් අසමි...

කොළඹින් එන විට උඹ එය ඇහුවද? ඇමතිවරුන් යන වාහන සද්දය
රජරට යනවිට උඹ එය දැක්කද? ජලයත් විෂවී විඳවන කරුමය
උතුරත් දකුණත් හරි හැටි බැළුවද? ජාතිය නාමෙන් රවටන අරුමය
පාවෙනවිට උඹටත් එය දැනුනද? එකම රටක් තුල වෙනසක පුදුමය

Monday, August 1, 2016

සිහිනයට අත්වැලක්...

ඒ පොඩි සිත්වල දිරිය වැඩෙන්නට
සිතේ ඇඳෙන හීනය වෙත යන්නට
හෙට දින බිහිවන ලොව ජයගන්නට
හැකිවෙද උපකාරය ලැබ දෙන්නට

මහනුවර උඩුමුල්ල ගම්මානයේ දරුවන් 29 දෙනෙකුට පොත් සහ පාසල් උපකරන ලබා දීමේ කටයුත්තට සහය වීමට කැමති නම් නාලක දිසානායකට දන්වන්න...