Saturday, December 31, 2016

2017

සැම දුක්ගිනි නිම කරමින් සතුටේ මල් වැසි වසින්න
සැක සංකා දුරුකරමින් විශ්වාසය පතුරුවන්න
භේදභින්න වූ මිනිසුන් සොයුරන් සේ එකතු වෙන්න
අඳුරට ආලෝකය ගෙන නව වසරක් උදා වෙන්න

Sunday, December 11, 2016

ජීවිත කතාවක්...

උපන්දා සිට මෙදා වනතුරු පියා කවුදැයි දැක නැතී
වත්ත අද්දර පාසලෙන් මට පාඩමක් කියලා නැතී
අම්ම හැර වෙන නෑසියන් මට ජීවිතේ ඉඳලා නතී
අම්ම කලදේ හැර කුමක් මා කරන්නද කෙලෙසට සිතී