මතකයි එදා අප දෑසින් කතාවුණා
හදවත පතුලෙ පෙම් හැඟුමන් මෝදු වුණා
සඳ යාමයේ අප නිතරම මුණගැහුණා
අඳුරු රැයක අප හැඟුමන් එකතු වුණාදමා නොයන ලෙස කලකදි සපථ වුනා
ඔහුගේ වදන් හමුවේ මා රැවට වුනා
කළක් යද්දි ඔහු කොහිදැයි නොමැති වුනා
නමක් නොමැති පුතෙකුන් මගෙ ලගට වුනා
යන එන දිසා නැති ලෙස අසරණ මෙමට
වෙනත් යමක් කරගන්නට නැති කලට
දින දෙක අතර ඇතිවන දොළහේ පැයට
අවපුතු සමග පැන්නෙමි මම මහ ගගට
කෙම්මුර දිනට සද වැහියන් හැංගෙන්න
රෑකුමාරි මල් පිපියන් සුවදෙන්න
සිසිල් සුළං හමාපුදෙන් නැලවෙන්න
මගෙහිමි සොයා මා එන බව දැනගන්න
පට්ට මචෝ අපූරු කවි පෙලක්...
ReplyDeleteමෙන්න මේකත් කියවල බලන්ටකො... කාලෙකට කලිං මේ ගැන මෝහිණී ගැල ලියපු කියපු දෙයක්
මෝහිණී.... මගෙ නංගියේ....
ස්තූතියි...
Deleteනියමයි ඉන්දරේ.
ReplyDeleteස්තූතියි...
Deleteඅපුරුයි මචං...
ReplyDeleteකවියේ පද පේළි දෙකක් මේ විදිහට උනානම් හොඳයි කියල මට හිතුනා...
///ඔහුගේ වදන් හමුවේ මා රැවට වුනා//// වෙනුවට "ඔහුගේ වදන් හමුවේ මා මුළා වුනා"
සහ
////මගෙහිමි සොයා මා එන බව දැනගන්න//// වෙනුවට "මගේහිමි සොයා මා එනවා පිළිගන්න."
නිකං අදහසක් පමණයි...
ජය...!
ස්තූතියි..
Deleteමරු.. මෝහිණිට හිතෙන හැටි ගැන මම මේ කියෙවුවමද කොහෙද..
ReplyDeleteඑල...
Deleteඅැත්තට ම අදයි මේ පැත්තට අපි අාවේ.............. දැන් දිගට ම ඒන්නම්...............
ReplyDeleteමේ විදිහ චින්තනයක් තියෙන ඒකයි වැදගත්......... අලුත් ගීතයක් තියෙනවා මෝහිණි මගේ නංගියේ කියලා........ අහලා බලන්න ටිකක් මේකට ම සමානයි................ බ්ලොගය නියමයි
ස්තූතියි..දිගටම එන්න...
Deleteලස්සනයි
ReplyDelete