Wednesday, October 14, 2015

ලෝක ආහාර දිනය...

කන්න වැඩිව විසි කරනා අපේ ලොවේ
අස්වැන්නට මිලක් නැතිව බොහෝ තැවේ
කුසගින්නට අහර නැතිව තවත් තැවේ
අහර දිනය සමරනවලු මෙහෙම ලොවේ

කුසගිනි වැඩිව දුක් විදිනා ඒ අයටයි
පාලනයෙන් තොරවී විදවන අයටයි
අහර විසවෙලා විදවන මිනිසුන්ටයි
විසදුම ගෙනාවොත් හෙට ලෝකයට හොදයි

12 comments:

  1. සමස්ථය ගැන අපි හිතනවා අඩුයි....... අපි රටක් හැටියටත්, ජාතියක් හැටියටත්, පවුලක් සහ පුද්ගලයෙක් හැටියටත් අාත්මාර්ථකාමීයි...

    ReplyDelete
  2. එහෙව් කන්න නැතිව මිනිස්සු මැරෙන ලෝකෙම තමයි මිළ පාලනයට කියල තිරිගු වගේ ධෘන්‍ය සත්තව ආහාර වලට දෙන්නෙ..
    මිනිස්සු හොදයි. ඒත් කෑදරයි
    වැරැද්ද මිනිහගෙ නෙවී. සිස්ටම් එකේ. ඒක පාලනය කරන්නෙ මිනිහ කියලකියන්නඑපා. මොකද සිස්ටම් එක දුවන්නෙ සල්ලි උඩ හින්ද

    ReplyDelete
    Replies
    1. ඔව්, මේ ක්‍රමය වෙනස් විය යුතුයි...

      Delete
  3. විසදුම් ගේන්න හැකියාව තියෙන අයට ඒකට වුවමනාවක් නෑ......

    ReplyDelete
  4. ටිකක් නෙවෙයි මෙතන ගොඩක් හිතන්න තියනවා........

    ReplyDelete
  5. කිරි කල වලින් ගහක් දෙකක් කාරිය නෑව්වටනං ඕං තව කමක් නෑ. අනික් කෑම අහක දාන එක අපරාදෙ අප්පා.

    ReplyDelete