Sunday, December 30, 2012

2012&2013


2012
…සොබාවික විපත් ටික ටික වැඩි වූවා
…ලෝක විනාශය දුර බව දැන් වූවා
…වෙනසත් එක්ක කාලය වසරක් ගෙව්වා
…දෙදහස් දලහ යන බව ලෝකෙට කිව්වා

…ක්‍රීඩවෙදී බොහො විටදී දෙවන තැනයි
…සතුටක් ගෙනාවේ ලෝකඩ පදක්කමයි
…කැරම් සටනෙ ඒකල ලොව පලමු තැනයි
…ජය පැරදුම මැදින් වසරක් ගෙවුනු හැටියි

…2013

…සාමය සතුට ලෝකය තුල පැතිරේවා
…කෙදිනකවත්ම අපෙ දේශය නොබෙදේවා
…පාලකයන්ගෙ ඉහමොළ හෙම පෑදේවා
…දුක අඩුවෙමින් සතුටින් ලොව පිබිදේවා

8 comments:

  1. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  2. //පාලකයන්ගෙ ඉහමොළ හෙම පෑදේවා //

    අලුත් අවුරුද්දේවත් එහෙම උනොත්... :)

    ඔබටත් සාමය සතුට සෞභාග්‍යය පිරි සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  3. ලස්සන කවි ටිකක් ලියල තියන්නේ..

    සුබ නව වසරක් පතනවා ඔබටත්..!

    ReplyDelete
  4. පාලකයන්ගෙ ඉහමොළ හෙම පෑදේවා
    …දුක අඩුවෙමින් සතුටින් ලොව පිබිදේවා
    මේ ටික නම් ඉස්තරම්.

    සුභ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete