Friday, March 22, 2013

රාජ්‍ය සේවකයන් වෙතටයි...

ලැබෙන සොච්චමෙන් මාසෙ දුවලා
ණයට බරවී ගෙවල් හදලා
බස් එකේදිත් කට්ට කාලා
ප්‍රශ්න වැලකින් ඔළුව පිරිලා

කෙතරම් ප්‍රශ්න තිබුනත් පෙන්වන්න එපා
ප්‍රශ්න අසන අය වෙත ගොරවන්න එපා
ඔබ වැනි අයකු බව අමතක කරන් එපා
රටේ කාලෙ බොරුවට කා දමන් එපා


12 comments:

  1. හ්ම්ම්.. ඒක හරි. ප්‍රශ්න තිබුනා කියල ලඟට එන අයට ඒවාට කරන්න දෙයක් නෑ නේ. හැමෝටම එකවගේ ප්‍රශ්න..

    ReplyDelete
  2. තමන් හදාගත් තමන්ගේ ප්‍රස්න ටික...
    අනුන් වෙතට දීලා මක් කොරන්ඩද...
    නුඹේ කාලේ වැයකර විසඳා ගන්න...
    එපා ඇතුලේ ගිනි පිට අය වෙත දෙන්න...

    ReplyDelete
  3. ෙහාදා! මාත් රජයේ ෙස්වකය ෙනව!

    ReplyDelete
    Replies
    1. එල..එල...අකුරු අප්සටේ වුනාද?

      Delete
  4. සිත යට තිබෙන කේන්තිය තවත් කෙනෙකු පිටින් යවන්නේ ඒ සේවකයන්ගේ කේන්තිය වෙනත් විදියකින් පාලනය කරන්න බැරි කම නිසා වෙන්න ඇති.

    ReplyDelete
  5. රජ්‍ය සේවය ගැන කවර කතාද..

    ReplyDelete
    Replies
    1. නීතියෙ විදිමත් බවක් නැති එකයි ගැටළුව...

      Delete
  6. මසුරන් කවියක්

    ReplyDelete