Friday, April 26, 2013

රජරට ගොවි බිම....

එදා රජරට ගොවි රජුන් අද සිටින්නේ ලෙඩ ඇදේලු
පිටරටින් ආ පොහොර හින්දා රටම ලෙඩ වන බවට බයලු
උඩින් පොහොරයි යටින් මුදලයි හින්ද ලොක්කන් කතා නැල්ලු
ගොවි බිමට වෙන නපුරු දැකලා ඉබේටම දෑසම තෙමෙයිලු

පැයෙන් එහෙ මෙහෙ යන්න කියලා පාරවල් හැදුවාට ඇතිද?
ගොවි බිමට ජල ගෙනෙන විදි ගැන තැකීමක් ඕනේම නැද්ද?
පිටරටින් ගෙන්වන්නෙ නැතිනම් අපිට හෙට දින කන්න නැද්ද?
අපිට ගැලපෙන වර්ධනේ ගැන අනේ දැනුමක් තවම නැද්ද?

4 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. වගා වලට ජලය නැති ගැටලුව නම් පහුගිය කාලේ හුඟක් දකින්න ලැබුණු දෙයක්..

    ReplyDelete
  3. කල්පනා කරලා කරන්න බැරි කමක් නැහැ.

    ReplyDelete