Tuesday, August 30, 2016

පාවෙන වළාකුලෙන් අසමි...

කොළඹින් එන විට උඹ එය ඇහුවද? ඇමතිවරුන් යන වාහන සද්දය
රජරට යනවිට උඹ එය දැක්කද? ජලයත් විෂවී විඳවන කරුමය
උතුරත් දකුණත් හරි හැටි බැළුවද? ජාතිය නාමෙන් රවටන අරුමය
පාවෙනවිට උඹටත් එය දැනුනද? එකම රටක් තුල වෙනසක පුදුමය

4 comments:

  1. කොළඹින් එනකොට ඇහුණා සත්තයි ! රට කරවන්නට කරච්චලේ
    රජරට යනවිට දුටුවා සත්තයි ! මිනිසුන්ගේ දුක් මැසිවිල්ලේ
    උතුරත් දකුණත් බැලුවා සත්තයි ! උන් උන් වලිකන පොලෝතලේ
    පාවෙන විට මට දැණුනා සත්තයි ! දිවියක අරුමය සැනසිල්ලේ......
    අපූරු කවි පෙලක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ලස්සන පිලිතුරක්...ස්තූතියි...

      Delete