'නුවණ ඇත්තන්' ඉසුරු සොයලා ඉගිල යනවා රටින් පිටවී
දිවිය වැරදුණු අයද යනවා අතීතය ගැන දුකට පත්වී
රටක් හදනට දිරිය ඇති අය දමා යනවද උරණවී
ඔබත් යනවා මාත් යන්නද කවුරු ඉන්නෙද ඉතිරිවී
දිවිය වැරදුණු අයද යනවා අතීතය ගැන දුකට පත්වී
රටක් හදනට දිරිය ඇති අය දමා යනවද උරණවී
ඔබත් යනවා මාත් යන්නද කවුරු ඉන්නෙද ඉතිරිවී
මගේ දේශය මගේ ජාතිය ගැන සිතනවිට නිම් නොවී
ReplyDeleteනැගේ ගිනිදැල් ගත පුරා විත් අවුලවයි හද දැවි දැවී
දගේ පතුරුවන රට කරන උන් බලය අතට ගෙන වියරු වී
මගේ ලක් අම්මාගෙ සිනහව උන්ගෙ මුදලට සින්න වී....
අපූරු කවියක්.
ජයවේවා!!!
අපූරු පිළිතුරක්...
Deleteඅද රටේ මහා ජාතිය ඉන්නේ බෝඩින් කාරයෝ වාගේ ඉහල සහතික තියෙන කොල්ලෝ කෙල්ලෝ බ්ටහිර් රටවලට යනවා. එහෙම ය්න්නබරි අය මැදපෙරදිගට යනවා ගැනු වහල් කමේ යනවා මැද පෙරදිගට . ගමේ යමක් කරන්න පුළුවන් අය ගම අත්හැර නගරටය යනවා . ගොවිතැන් කරන්න නිෂ්පාදන කටයුත්තක යෙදෙන්න තරුණ ශ්‍රමය ඉදිරිපත් වෙන්නේ නැහැ. එකතු වෙන්නේ බෝතලේට සහ වල්කමේ යන්න විතරයි. පුදුමවිය යුත්තේ මෙ අන්දමටවත් මේ රට ඉතිරිවී තිබීම ගැනයි
ReplyDeleteඇත්ත කතාව...
Deleteපුළුවන් එවුන් යනව. යන්න බැරි එවුන් ඉන්නව.
ReplyDeleteපුළුවන් හැම එකාම යනවද? යා යුතුද?
Deleteමේ ප්‍රශ්නයම මීට වඩා ටිකක් වෙනස් විදිහකට මීට අවුරුදු 8කට ඉහත දී මට ලංකාවෙන් යන්න වුනාම දන්තවෛද්‍යවරයෙක් මගෙනුත් ඇහුවා..මට දෙන්න පිළිතුරක් තිබුනේ නැති නිසා හිනා වෙලා ආවා..
ReplyDeleteරටටම තියන ප්රශ්නයක්...
Delete