Sunday, February 18, 2018

ආසාත්මිකතා සඳහා පරික්ෂා කර ඇත

පරික්ෂා කර තිබුනෙ මුම්බායෙ කීවාද?
නළුවන්ද නිළියන්ද ක්‍රීඩකයො හිටියාද?
නියැදියට ගනු නොහැකි ඒ සුපිරි ජීවිතද?
ඒවාට ගන්නේම නොවටිනා පොඩි උන්ද?

වීරියම ගෙන ගතට කෙසේ හෝ බර අදින
කැළි කසළ ඉවතලා නගරයම හැඩ කරන
ජීවිතය විකුණමින් ජීවිතය ගැටගහන
නියැදි වූවත් තොපට හදවත්ය පණ ගැහෙන 

6 comments: