Friday, February 1, 2013

නිදහස?


…පිටරට මුදල් ගෙන පොලියට හා ණයට
…ආධාරයෙන් දියුණුව යැයි රට රවට
…නොබලන කලට නව දෙයකින් ජය ගන්ට
…පිටරට වලට වදිනා නිදහස කුමට

…වැරදි කරුවො කවුරුත් බැහැ එල්ලන්න
…ආධාරයක් අඩුවන බව දැන ගන්න
…දේශය විකුනමින් උං සුර සැප විදින
…කවුරුත් කලේ ඔය ටික බව දැන ගන්න

10 comments:

  1. හැමදාම ඔහොම තමා මලයා..

    ReplyDelete
  2. ඔබ කියනා මේ කියමන ඇත්තකය
    …රටක් හදන්නට මටනම් තනියම බැරිය
    …නාහන එකා ගැන නොතකා තරයේම
    …හැකි පමනින් මා යමි හරි පාරේම





    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. ඒකා බැගින් වැඩ කෙරුවිට හරි ලෙසට
      ඒය සම්පතකි වැඩ සිදුවෙන කල රටට

      Delete
  3. නීතියක් නැති සමාජයක විනාසය.

    ReplyDelete
  4. ජනතාව වැඩි වැඩියෙන් දැනුවත් වීම තමයි පිළියම. වෙන්නේ නැත්තෙත් ඒක තමයි.

    ReplyDelete
    Replies
    1. ඔව්...දැනුවත් වීම තුලින් මෙ තත්වය වෙනස් කරන්න පුළුවන්.....

      Delete
  5. බුද්ධිය හීන වීමත් ඕකට බලපානව. දැන් ගොඩක් ඉන්නෙ දැනුම ඇත්තො මිසක් බුද්ධිමතුන් නෙමේ...

    ReplyDelete
    Replies
    1. ඔව්,රටට සැබෑ බුද්ධිමතුන් ඔනෙ....

      Delete