Saturday, February 9, 2013

වාදකයා.....


වීදිය අයිනේ නලාව අතරින් තාලය බෙදලා දුන්නෙ ඔබයි
…රස පමනක් නොව ජීවිත පාඩම අපහට කියලා දුන්නෙ ඔබයි
…කැලඹෙන වා කද අතේ දරාගෙන කැලඹෙන දිවියට සටන සොයයි
…තම දිවි අයදින නලාව හඩවන ඒ අමුතුම ගුරුතුමා ඔබයි

…අතපය තිබියදි දිවිතොරකරගත් දන හට හරි පිලිතුර දුන්න
…සොර වංචා නැති මනුසත් දිවියට නිවැරදි උපදෙස ලැබ දුන්න
…තම හැකියාවෙන් දිවි රැකගන්නට උපරිම දිරි අරගෙන යෙදෙන
…සැබැඑම මිනිසෙකි ඔබනම් මේ ලෙස බටනලාව පිබඹින

6 comments:

  1. ඒ වගේ තමන්ගේ හැකියාව පෙන්වල අනෙක් අයට රස වින්දනයක් ලබා දීලා කියක් හරි හොයා ගන්න එක හොඳයි තමයි හොරකම් වංචා කරන්නේ නැතිව.

    ReplyDelete
    Replies
    1. ඔව් අවංකව උපයන සල්ලි ගොඩක් වටිනවා...

      Delete
  2. අපේ කැම්පස් එකට යන පාර ගාවත් නවත්තන්නේ නැතුවම රබාන වාදනය කරමින් ඉන්න වයසක මනුස්සයාව මතක් වුණා

    ReplyDelete
    Replies
    1. ඔව් එ සැබෑ වැදගත් මිනිස්සු....

      Delete
  3. අත පැය හතර හොඳින් ඇති නිකම්ම ඉන්න නිකමුන්ට මොවුන් ආදර්ශයක්.

    ReplyDelete