Saturday, August 16, 2014

නියගය

රට සරු කරපු ගොවි බිම් අද වේ‍‍ලෙනවා
ලොක්කන් ගස් කපා ගොවියන් විදවනවා
මාස ගනන් වැව් වල ජල බිදු නැතුවා
බීමට වතුර සොයමින් දුර ඇවිදිනවා

නෙක නෙක සිහින පෙන්නා ඡන්දය ගන්න
බලවත් මහතුනේ ප‍ොඩ්ඩක් දැනගන්න
නැවත වරක් ම‍ේ විපතක් නොමවෙන්න
දිගුකල් සැළැස්මක් දැන්වත් ගෙන එන්න

8 comments:

  1. මේ බ්ලොග් එකත් නියගෙට අහුවෙලා තිබිලා ආයේ මෙන්න පොද වැස්සක් වැටිලා..

    ReplyDelete
    Replies
    1. දිගටම එනවා..දැං උ/පෙ ඉවරයි....

      Delete
  2. අම්මපා ඔව් දිනෙශ් මලේ ඇතියන්තං එකක් ලියලා

    ReplyDelete
  3. වැහි නැති උනත් වතුරෙන් රට දිනවනවා
    කළ හොද අපේ හැමදාවත් පවතිනවා
    ගොවිතැන් වලට වතුරක් ඕනැ නැති වෙනවා
    ලබන පාර චන්දෙත් අපි දිනවනවා

    ReplyDelete
  4. සැලසුම් නං කවද හැදෙයිද! හැදුනත් ක්‍රියාත්මක වීම?

    ReplyDelete