Monday, April 6, 2015

අලි මිනිස් ගැටුම...

මැතිවරු ඇමතිවරු පැටවුන් ගෙනයනවා
උන්හට ඉන්න ඇති කැළයද වනසනවා
ඉන්න‍ට කැළය නැති කල ගම පීරනවා
ගම්මුන් වැවූ බව භෝගද වනසනවා

වගාවන්ද තම දිවියද රැක ගන්න
බැරි වූ කලදි අලියන්ගෙන් ගැලවෙන්න
සිදුවෙයි ඉතින් හොද නරකද කරලන්න
හරි විසදුමක් තවමත් නෑ දැකගන්න

8 comments:

  1. ගෙනියන පැටවුන්හට උන් වද දෙනවා
    යකඩෙන් තල තලා ප්‍රැක්ටිස් කරවනවා
    දංවැල් දමාලා පෙරහැරෙ දක්කනවා
    සුද්දන් හට පේන්න පෝලෝ ගස්සනවා

    ReplyDelete
    Replies
    1. වනේ සතා ගෙනවිත් වද දුන් පසුව
      සුරකින්නටත් එනවා හිරිකිත නැතුව

      Delete
  2. අනේ මහත්තයෝ ඉන්නට දෙනවාද
    ඔබේ පැටවු වාගේ දරුවන් මටද
    උන් ගෙනිහින් වෙන මොනවා කරන්නද
    මහන්තත්තකම පෙන්නන්නට නෙවෙද

    ReplyDelete
    Replies
    1. වාසිය නිසා මනුසත්කම් යටවෙනවා
      ලොකුකනම් නිසා දෙවියන්ටත් නොපෙනෙනවා

      Delete
  3. ඔවුවට උත්තර දෙන්න කාටවත් ඕන කමක් නෑ මලයෝ..

    ReplyDelete
    Replies
    1. ඔව් උත්තර දුන්න නම් මේ වෙද්දි විසදිලා...

      Delete
  4. අපේ බ්ලොග් දර්ශකයටත් බ්ලොග් එක ඇතුල් කරන්න අපට ලින්ක් එක ඊ මේල් කරන්න. අපේ සින්ඩියට පිවිසෙන්න පහතින්.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete