Tuesday, November 24, 2015

පාසල් විෂමතාවය

එක පාසලක ඇති උපරිම පහසුකම
තව පාසලක වැසිකිළිවත් නැති තරම
ඒ දෙක අතර හැම මව්පියො පොරකෑම
විසදුම් ගෙනාවොත් හොදවෙයි නුදුරේම

ගුරුවරු හරිම ලෙස පාසල් වෙත බෙදලා
පාසල් අහිමි නොවනට හැම ක්‍රම යොදලා
පාසල් අතර ඇති වෙනසද අඩු කරලා
නිවැරදි කරොත් වටිනව හෙට ගැන සිතලා

10 comments:

  1. සම්පත් බෙදී යෑමේ විෂමතාවය......

    ReplyDelete
    Replies
    1. ඔව්...ඒ විෂමතාවය අඩු කිරීම රජයේ වගකීමක්...

      Delete
  2. මේ විෂමතාවය කැඩුවොත් දරුවන්ට දස වද දෙන මේ අමන මව්වරුන්ගේ තරඟයටද තිත!

    ReplyDelete
  3. පාසල් වල නම් තබන්නේ අධම ක්‍රමයකටය ; පොල්පිතිමූකලාන පාසල , රදාවාන පාසල . මේ නිසා හීනමානය පන්ති වෛරය වර්ධනය වෙනවා

    ReplyDelete
  4. කළ යුතුම උනත් කරන්න අමාරු වැඩක්........... කරන්න පුලුවන්කම තිබුනත් හිතලම අතෑරලා දාන වැඩක්..........

    ReplyDelete
    Replies
    1. ඔව් ...පාලකයන් කැමතියි ප්‍රශ්න තියනවට...

      Delete