ඔබ සැම දෙන නිදියන අතරේ
අඳුරෙන් වැසි සුන්දර නගරේ
ගෙවෙනා හැම තත්පර අතරේ
නොසිතන ලෙස අරුමය පැතිරේ
දුම්‍රිය තුළ ලිපි එන අතරේ
තොග බඩු සැළ වෙත එයි නගරේ
මේ හැම සිදුවන විට නගරේ
ජීවිත විකිනෙණවලු අඳුරේ
නොනිදන කඩපෙළ එළි දෙනවා
හොඳ හැටි කෑමද විකිනෙණවා
එක එක රංගන රඟදෙනවා
පැය ටික මේ ලෙස ගතවෙනවා
පිරිතේ නාදය රැව්දෙනවා
ආසිරි පැතුමන් එක්වෙනවා
හෙමිහිට අරුනළු පැතිරෙනවා
නොදකින යාමය නිමවෙනවා
අඳුරෙන් වැසි සුන්දර නගරේ
ගෙවෙනා හැම තත්පර අතරේ
නොසිතන ලෙස අරුමය පැතිරේ
දුම්‍රිය තුළ ලිපි එන අතරේ
තොග බඩු සැළ වෙත එයි නගරේ
මේ හැම සිදුවන විට නගරේ
ජීවිත විකිනෙණවලු අඳුරේ
නොනිදන කඩපෙළ එළි දෙනවා
හොඳ හැටි කෑමද විකිනෙණවා
එක එක රංගන රඟදෙනවා
පැය ටික මේ ලෙස ගතවෙනවා
පිරිතේ නාදය රැව්දෙනවා
ආසිරි පැතුමන් එක්වෙනවා
හෙමිහිට අරුනළු පැතිරෙනවා
නොදකින යාමය නිමවෙනවා
ලස්සනයි..දිගටම ලියන්න.
ReplyDeleteසිංහල බ්ලොග්ගල.
ස්තූතියි...
Deleteඉන්දරේ දිග කවියක් ලීවමද කොහෙද. මං හිතං උන්නෙ මේ මනුස්සය කවි දිගට ලියන්න කැමති නෑ කියල
ReplyDeleteබැලිංනං පට්ටටෙ ලියනව නෙව
ලස්සනයි මචෝ
ඉඳල හිටල දිගට ලියනවා...ස්තූතියි...
Deleteලස්සනයි.
ReplyDeleteහැමදාම කවිම ලියන්නද කල්පනාව?
ස්තූතියි
Deleteපුළුවන් එක එපැයි කරන්න...
ඉන්දරේ... ලස්සනයි....
ReplyDeleteස්තූතියි සජ්ජා...
Delete