Monday, February 1, 2016

නගරයේ රෑ

ඔබ සැම දෙන නිදියන අතරේ
අඳුරෙන් වැසි සුන්දර නගරේ
ගෙවෙනා හැම තත්පර අතරේ
නොසිතන ලෙස අරුමය පැතිරේ

දුම්‍රිය තුළ ලිපි එන අතරේ
තොග බඩු සැළ වෙත එයි නගරේ
මේ හැම සිදුවන විට නගරේ
ජීවිත විකිනෙණවලු අඳුරේ

නොනිදන කඩපෙළ එළි දෙනවා
හොඳ හැටි කෑමද විකිනෙණවා
එක එක රංගන රඟදෙනවා
පැය ටික මේ ලෙස ගතවෙනවා

පිරිතේ නාදය රැව්දෙනවා
ආසිරි පැතුමන් එක්වෙනවා
හෙමිහිට අරුනළු පැතිරෙනවා
නොදකින යාමය නිමවෙනවා

8 comments:

  1. ලස්සනයි..දිගටම ලියන්න.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
  2. ඉන්දරේ දිග කවියක් ලීවමද කොහෙද. මං හිතං උන්නෙ මේ මනුස්සය කවි දිගට ලියන්න කැමති නෑ කියල
    බැලිංනං පට්ටටෙ ලියනව නෙව
    ලස්සනයි මචෝ

    ReplyDelete
    Replies
    1. ඉඳල හිටල දිගට ලියනවා...ස්තූතියි...

      Delete
  3. ලස්සනයි.

    හැමදාම කවිම ලියන්නද කල්පනාව?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි
      පුළුවන් එක එපැයි කරන්න...

      Delete