දකින සිහින පැදුරේදිම බොඳ වෙනවා
සියුමැලි දැත් රලු ගල් හා හැප්පෙනවා
එපිට ලොවක් ගැන තවමත් නොපෙනෙනවා
ගල්ගෙඩි අතර දුක විඳිමින් ලත වෙනවා
පාසල් යන්න ආසාවක් සිත තිබෙනා
හීනෙන් පවා දුටුවිට පොඩි සිත දැවෙනා
කොතනද වරද හරි හැටි සිත නොම දන්නා
ලෝකය දිනන අරමුණ මිරිඟුව වෙන්නා
නායක නමින් රජ කරනා ලොකු ඇත්තෝ
උන්ගෙම සතුට වෙනුවෙන් සිටිනා ගැත්තෝ
රටම රවටමින් රඟදෙන මේ ඇත්තෝ
උඹේ සිහින හොරකම් කර අරගත්තෝ
වීරිය අරන් උඹ ටික ටික හිට ගන්න
ලොක්කන් දෙකන් ඇරෙනා ලෙස හඬ දෙන්න
හොරකම් කරපු ඒ හීනය ඉල්ලන්න
සැම වෙනුවෙන්ම සුවිසල් ලොව ජයගන්න
ඡයාරූපය අන්තර්ජාලයෙනි
සියුමැලි දැත් රලු ගල් හා හැප්පෙනවා
එපිට ලොවක් ගැන තවමත් නොපෙනෙනවා
ගල්ගෙඩි අතර දුක විඳිමින් ලත වෙනවා
පාසල් යන්න ආසාවක් සිත තිබෙනා
හීනෙන් පවා දුටුවිට පොඩි සිත දැවෙනා
කොතනද වරද හරි හැටි සිත නොම දන්නා
ලෝකය දිනන අරමුණ මිරිඟුව වෙන්නා
නායක නමින් රජ කරනා ලොකු ඇත්තෝ
උන්ගෙම සතුට වෙනුවෙන් සිටිනා ගැත්තෝ
රටම රවටමින් රඟදෙන මේ ඇත්තෝ
උඹේ සිහින හොරකම් කර අරගත්තෝ
වීරිය අරන් උඹ ටික ටික හිට ගන්න
ලොක්කන් දෙකන් ඇරෙනා ලෙස හඬ දෙන්න
හොරකම් කරපු ඒ හීනය ඉල්ලන්න
සැම වෙනුවෙන්ම සුවිසල් ලොව ජයගන්න
ඡයාරූපය අන්තර්ජාලයෙනි
හ්ම්ම්. මොනවා නම් කියන්නද
ReplyDeleteමේ දේවල් ගැනත් මොනවහරි කියන්න...
Delete//හොරකම් කරපු ඒ හීනය ඉල්ලන්න//
ReplyDeleteඇත්ත මේක තමා ඉන්දරේ...... උන් නටන නාඩගම් වලින් නැති වෙන්නේ අපේ හීන.....
සිරාවටම...
Deleteසිරාවටම කියන එක පට්ට ජනප්රියයි... සිරාවටම......
Delete
ReplyDeleteරටක වැදගත්ම දනයනේ මේ.....
ඔව්...දරුවන්ව හොඳින් රැකගන්න ඕනෙ...
Deleteමේක රවුමක් වගේ ගැට ගැහිලා තියෙන්නේ.
ReplyDeleteඔව්...
Deleteදිළිඳු බවේ විශම චක්රය.
ReplyDeleteසමරසේකර
ඔව්...
Delete