Sunday, April 3, 2016

(අ)සුභවාදී

බාගය නොමැති බව කීමද කළ යුත්තේ?
බාගය තිබෙන බව කීමද කළ යුත්තේ?
බාගය පිරවීම නොවෙදෝ කල යුත්තේ?
මේවට දෙන්න පිළිතුරු මොනවද ඇත්තේ?

කුප්පි ලාම්පුව එලියයි සිතු අයද?
ඒ එලි මදියි යලි අලුතෙන් සිතු අයද?
ලෝකය වෙනස් කලෙ මේ අයගෙන් කවුද?
දන්නා කෙනෙක් මට පහදා කියනවද?

10 comments:

  1. ඔය සුභවාදී අසුභවාදී කියන්නේ එකම කාසියේ දෙපැත්ත නේද???? කෙනෙක්ට දෙයක් සුභවාදී ව සහ අසුභවාදීවත් දකින්න හැකියි. දෙයක් වුණාට පස්සේ ඒ දිහා අසුභවාදීව දැකීම ඵලක් නැහැ කියලයි අපි නං විශ්වාස කරන්නේ... හැබැයි දෙයක් වෙන්න කලින් මේ දෙකම දැකීම සාර්ථකත්තවයට වැදගත්.. ඒත් එක තුළණයක් තිබිය යුතුයි...

    ReplyDelete
  2. //ඒ එලි මදියි යලි අලුතෙන් සිතු අයද?//
    මෙහෙම හිතන අය නේද ලෝකය වෙනස් කලේ...

    ReplyDelete
  3. කුප්පි ලාම්පුව එලියයි සිතු අයද?
    ඒ එලි මදියි යලි අලුතෙන් සිතු අයද?
    ලෝකය වෙනස් කලෙ මේ අයගෙන් කවුද?

    මේ දෙගොල්ලම නෙමෙයි, ඔය වෙන එකෙක් නෙ විදිලිය හොයා ගත්තේ හැක්.

    ReplyDelete
  4. /දන්නා කෙනෙක් මට පහදා කියනවද?/

    අත දික්කරහං.


    ඔන්න දැම්ම පහක්...! :-)

    ReplyDelete
    Replies
    1. හිතුව කවුරුහරි ඕක කියයි කියල...

      Delete