Wednesday, September 21, 2016

කවුරු ඉන්නෙද ඉතිරිවී...

'නුවණ ඇත්තන්' ඉසුරු සොයලා ඉගිල යනවා රටින් පිටවී
දිවිය වැරදුණු අයද යනවා අතීතය ගැන දුකට පත්වී
රටක් හදනට දිරිය ඇති අය දමා යනවද උරණවී
ඔබත් යනවා මාත් යන්නද කවුරු ඉන්නෙද ඉතිරිවී

8 comments:

  1. මගේ දේශය මගේ ජාතිය ගැන සිතනවිට නිම් නොවී
    නැගේ ගිනිදැල් ගත පුරා විත් අවුලවයි හද දැවි දැවී
    දගේ පතුරුවන රට කරන උන් බලය අතට ගෙන වියරු වී
    මගේ ලක් අම්මාගෙ සිනහව උන්ගෙ මුදලට සින්න වී....

    අපූරු කවියක්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. අද රටේ මහා ජාතිය ඉන්නේ බෝඩින් කාරයෝ වාගේ ඉහල සහතික තියෙන කොල්ලෝ කෙල්ලෝ බ්ටහිර් රටවලට යනවා. එහෙම ය්න්නබරි අය මැදපෙරදිගට යනවා ගැනු වහල් කමේ යනවා මැද පෙරදිගට . ගමේ යමක් කරන්න පුළුවන් අය ගම අත්හැර නගරටය යනවා . ගොවිතැන් කරන්න නිෂ්පාදන කටයුත්තක යෙදෙන්න තරුණ ශ්‍රමය ඉදිරිපත් වෙන්නේ නැහැ. එකතු වෙන්නේ බෝතලේට සහ වල්කමේ යන්න විතරයි. පුදුමවිය යුත්තේ මෙ අන්දමටවත් මේ රට ඉතිරිවී තිබීම ගැනයි

    ReplyDelete
  3. පුළුවන් එවුන් යනව. යන්න බැරි එවුන් ඉන්නව.

    ReplyDelete
    Replies
    1. පුළුවන් හැම එකාම යනවද? යා යුතුද?

      Delete
  4. මේ ප්‍රශ්නයම මීට වඩා ටිකක් වෙනස් විදිහකට මීට අවුරුදු 8කට ඉහත දී මට ලංකාවෙන් යන්න වුනාම දන්තවෛද්‍යවරයෙක් මගෙනුත් ඇහුවා..මට දෙන්න පිළිතුරක් තිබුනේ නැති නිසා හිනා වෙලා ආවා..

    ReplyDelete