Monday, May 25, 2015

පාර අරිනවද?

ශ්‍රී ලංකාවේ ඉහලම වායු දූෂණය සහිත නගරය මහනුවරයි.මෙම තත්වය අවම කිරීමට බොහෝ විද්වතුන්ගේ විසදුම වූයේ දළදා මාළිගය අසළින් ඇති මාර්ගය රත වාහන සදහා විවෟත කිරීමයි...

වැව රවුමේ තෙල් දහනය අඩු වෙන්නයි
නගරෙ තිබෙන තදබදයද අඩු වෙන්නයි
නුවර අපේ පෙනහළු ටික රැක ගන්නයි
මාවත විවර කර පින්කම කර ගන්නයි

13 comments:

  1. අදහසක් කියන්න බැහැ නේද. මතක ඇති කාලෙකින් ගිහින් නෑ.

    ReplyDelete
    Replies
    1. ආපු වෙලාවක වැව රවුමෙ ගිහින් බලන්න වාහනේකින්...

      Delete
  2. මේ ගැන මමත් ලිපියක් ලිව්වා. බලලා අදහස් කියන්න.

    මෙතනින් බලන්න

    ReplyDelete
    Replies
    1. මම ලියපු ලිපියක් තියෙනවා එකත් බලලාම ඉන්න.
      http://karunadasa68.blogspot.com/2015/05/blog-post_24.html

      Delete
  3. නුවර කියන නගරය හා ඒ අවට දැන් තිබෙන සියල්ල ගොඩ නැගෙන්නේ දළදා මාලිගාව එතන තිබෙන නිසා...
    මිනිස්සු ඕක අස්සේ ගිහින් ටවුන් එක හදා ගත්ත එකයි මම දකින වරද...
    ඒ වරද දැන් සම්පුර්ණයෙන්ම නිවැරදි කරන්න අපහසුයි...

    දැනට විවෘතව තිබෙන පාරවල් වල වැඩිපුර තිබෙන්නේ මොනවද. හෝටල්, නවාතැන් පොළවල්.
    ඇයි ඒවා එතන හදල තියෙන්නේ, ඒවා එතන හදල තියෙන්නෙත් මාළිගාව නිසා...
    ඒ ඉදිකිරීම් ඔක්කොම වගේ තිබෙන්නේ පාරේ එක පැත්තක පමණයි.
    දැනට භාවිතා කරන මාර්ග විශාල කරන්න ඒ ගොඩනැගිලි ඉවත් කරන්න කිසිම නොහැකියාවක්, බැරි කමක් නැහැ...
    අවශ්‍ය ඒ උවමනාව පමණයි.

    අනුරාධපුර පුජා නගරය කියල වෙන් කරපු කොටසේ මිනිස්සු පදිංචි නැහැ. ඒ වගේම වාහන යන එකෙත් සීමාවක් තියෙනවා. ශ්‍රී මහා බෝධිය අසළ තිබු වාහන පාක් එකකුත් ඉවත් කලා ඒවායෙන් නිකුත්වෙන දුම නිසා බෝධියට සිදුවිය හැකි හානිය සළකලා...

    ///මෙම තත්වය අවම කිරීමට බොහෝ විද්වතුන්ගේ විසදුම වූයේ දළදා මාළිගය අසළින් ඇති මාර්ගය රත වාහන සදහා විවෟත කිරීමයි...///
    ඕක මොන විද්වතාගේ විසඳුමක්ද දන්නේ නැහැ. උන් කියල නැද්ද දළදා මාළිගාව කඩලා පාර තව ලොකු කරන එකයි හොඳම විසඳුම කියලා.
    නුවර ට්‍රැපික් අඩු කරන්න කලයුතු හොඳම වැඩ පිළිවෙල අපේ මිනිස්සු අල කරලා ඉවරයි.
    ෂොපින් කම්ප්ලෙක්ස් එකත් එක්ක කාර් පාක් එක හදලා නුවර නගරයට පමණක් එන වාහන ඒකෙ නවත්තන්නත් නගරය තුළ එහෙ මෙහෙ යන්න කාර් පාක් එක ගාව ඉඳල තිබෙන ෂටල් සර්විස් එකකින් කරන්නත් සැලසුම තිබ්බා.
    නමුත් කාර් පාක් එක අසාර්ථක කෙරෙව්වා පාරේ වාහන නතර කරන එකෙන් ගාන කපා ගන්න උන්. පොඩි පොඩි මිනිස්සු නෙමෙයි ඒවා කෙරුනේ තෝරු මෝරු හරහා.
    එහෙම්මම ෂටල් කතාවත් නැතිවෙලා ගියා...

    ReplyDelete
    Replies
    1. //ඕක මොන විද්වතාගේ විසඳුමක්ද දන්නේ නැහැ//
      මහාචාර්ය ඉලේපෙරුම යටතේ සිදුකල පර්යේෂණයකින් ඉදිරිපත් වූ විසදුමක්...
      ඔබ පවසා ඇති විසදුම හොදයි.නමුත් එමගින් මහනුවර වැව රවුමේ තදබදය අවම වෙන්නේ නෑ...

      Delete
    2. මචං මම ඔහුගේ නම අසා තිබෙනවා, ඔහු උගතෙක් බවට සැකයක් නැහැ...
      නමුත් වහල තිබෙන පාරක් ඇරියම ට්‍රැපික් අඩු වෙනවා කියන එක සොයා ගන්න පර්යේෂණ සිදුකල යුතු නැහැ.
      මාළිගාව ඉදිරියේ මාර්ගය වසා තිබෙනවා... ඒක ඇරියහම ගැටළුවක් වෙන බව පිළිගන්න සැළකිය යුතු පිරිසක් ඉන්නවා.
      අන්න එතන ඉඳලයි කවුරුහරි විසඳුම් සොයන්න ඕනේ.
      කළින් සෙවූ පැහැදිළි විසඳුමක් තිබියදී වෙනත් අදහස් යෝජනා ඉදිරිපත් කිරීම නෙමෙයි කළ යුත්තේ.
      කලින් විශාල මුදලක් වැයකර ඉදිකළ ව්‍යාපෘතිය පණ ගැන්වීමයි කල යුත්තේ...

      පාක් එක භාවිතය සඳහා ජනතාව නීති මගින් හෝ බල කල යුතුයි. ඒ සමගම දැනට භාවිත වන මාර්ගයද පළල් කල යුතුයි.
      එමගින් වැව රවුමේ තද බදය අවම වන්නේ නැතැයි ඔබ කියන්නේ කුමන පදනමකින්ද...
      එමගින් වාහන තදබදය අඩුවීම පමණක් නොවේ වාහන දුමේ අඩුවක් පවා සිදු වෙනවා...

      Delete
    3. ඔබ දක්වන යෝජනාව හොදයි, නමුත් වැව රවුමේ ගමන් කරන්නේ නගරයට පැමිණෙන හා නගරයෙන් ඉවත් වන වාහන නිසා ඔය යෝජිත ක්‍රමය මගින් බලපෑමක් කළ හැකිද?
      මහනුවර නගරයේ වැඩිම තදබදයක් ඇත්තේ පරන පේරාදෙණිය පාරේ සහ වැව රවුමේයි.ඔය යෝජනාව ඒ දෙකටම එතරම් බලපෑමක් කරන්නේ නෑ.
      තිබෙන හොදම විසදුම මාළිගාව අසන්නයේ ඇති පාර විවෘත කිරිම නොවන බවද පිළිගන්නවා.එය එක විසදුමක් පමණයි.
      හොදම විසදුම මහනුවර අවට ඇති ප්‍රදේශ වල පහසුකම් දියුණු කිරීමයි...

      Delete
  4. ඕනිම නගරයක ඒ නගරය හරහා යාමට අවශ්‍ය නැති රථ විශාල සංඛ්‍යාවක් තදබදයට අසුව කාලය ගත කරනවා. ඒ වාහන සඳහා විකල්ප මාර්ගයක් යෙදීම සෑම ප්‍රධාන නගරයකම තිබිය යුතුයි. කෑගල්ල සහ බලන්ගොඩ නගරවල මේ ක්‍රමය යොදා තිබෙනවා. අනික් නගර සමහරක ඇති. මට මතක නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්...මහනුවරටත් ඒ ආකරයේ විකල්පයක් අවශ්‍යයි...

      Delete
    2. Northern Expressway එකේ මුල් අදියරේ නුවර බයිපාස් වන පරිදි සැකසු මාර්ගයක් යෝජිතයි...

      Delete