Tuesday, June 2, 2015

මරණ දඩුවම...

රටට තිබෙන හෙට දවසද වනසවන
මත්කුඩු ගෙනෙන උන් හට මරණය දෙන්න
ගෙනෙනව කිව්ව නීතිය ඉක්මන් වෙන්න
දිරි බල ලැබේවා ජනපතිදුනි ඔන්න

මිනි මරුවො දූෂකයොත් අඩු වෙන්න
වැරදිකරුවො කාගෙත් සිත රත් වෙන්න
උන්ගෙන් මෙරට හෙට දවසට රැක ගන්න
එල්ලුම් ගහට යලි ජීවය ලැබ දෙන්න

8 comments:

  1. මේ ගැන මීට පෙර කතාවුණා කීප වරක්. මරණ දණ්ඩනයෙන් බලාපොරොත්තුව සමාජයට යම් අනතුරු ඇඟවීමක් කිරීම වුණත් දඬුවමට ලක්වන්නා තමා මියයන දිනය දන්නා හෙයින් විශාල මානසික පීඩාවකින් පසුවෙනවා. ඒක සමාජයට පේනනෙ නෑ.
    මෙහෙමයි. ජීවිතාන්තය දක්වා හිරේ දැමීම ප්‍රමාණවත්. ඊට වඩා වැදගත් වෙන්නේ වැරදිකරුවන්ට කිසිම අයුරකින් ගැලවී යා නොහැකි ලෙස නීති සකස් කිරීම සහ සියළුම වැරදිකරුවන්ට අධිකරණය මගින් දඬුවම් කළහැකි තත්ත්වයක් ඇති කිරීම.
    මනුෂ්‍ය ඝාතනයක් තවත් මනුෂ්‍ය ඝාතනයකින්ම හිලව් කළහැකිද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ගැලවීයා නොහැකි ලෙස නීති සකස් කළ යුතුයි...සිරදඩුවම් මගින් මානසික පීඩාවක් ඇතිවෙන්නෙ නැද්ද?වැරදි කරුවන්ටත් අනුකම්පා කරන සමාජ ක්‍රමය තරමක් වෙනස් විය යුතු බවයි මගේ හැගීම...

      Delete
    2. සිර දඬුවමකදි ඔවුන්ව දකින්නට සමාජයට ඉඩක් ලැබෙනවා. ඒත් මරණ දණ්ඩනයට ලක්වූවන් හුදකලාවයි තබන්නෙ. අනික සිරගතව සිටීම සහ නියත දිනක මරණය එළඹෙන බව දැන දැන සිටීම කියන අවස්ථා දෙකේදි මානසික පීඩාව ඉතාම වෙනස්.

      Delete
    3. පිළිගන්නවා...ඒත් ඉතා තුච්ඡ ආකාරයට අපරාධ කරන්නන්ට සිර දඩුවම ප්‍රමාණවත්ද? කුඩු ගෙනෙමින් සමාජය වනසන,කුඩා දරුවන් පවා දූෂණය කර මරා දමන එවුන්ට සිර දඩුවම ප්‍රමාණවත්ද?

      Delete
  2. මධුව කියන කතාවෙත් ඇත්තක් තියනවා කොහොම නමුත් මේ දේවල් දැඩිව පාලනය කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් දැඩි නීති තිබිය යුතුයි...

      Delete
  3. කුඩු මහ එකාය කියන එකා හොදට හිනා වෙවී ඉද්දී කොහොමද ඉතින් මේවා පාලනය වෙන්නේ? දඬුවම් දෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඇත්ත...මහ එවුන් හැමදාම බේරෙනවා...

      Delete