නාටක හදන්නට කට්ටිය මෙහි නැතිදෝ?
හැදුවත් රූප පෙට්ටියෙ ඉඩකඩ නැතිදෝ?
පිටරට ඒව මෙන් විකුණන්නට බැරිදෝ?
මෙලෙස ගියොත් නැවතුම කෙලෙසට වෙයිදෝ?
පිටරට වලින් ඉතිහාසය කියා දෙනා
ආදරයක්ද වෙන රටවල් කියා දෙනා
ඉන්දියාව කොරියාවද එකට අනා
පෙන්වන නිසා අපෙ නාටක වීසි වුනා
හැදුවත් රූප පෙට්ටියෙ ඉඩකඩ නැතිදෝ?
පිටරට ඒව මෙන් විකුණන්නට බැරිදෝ?
මෙලෙස ගියොත් නැවතුම කෙලෙසට වෙයිදෝ?
පිටරට වලින් ඉතිහාසය කියා දෙනා
ආදරයක්ද වෙන රටවල් කියා දෙනා
ඉන්දියාව කොරියාවද එකට අනා
පෙන්වන නිසා අපෙ නාටක වීසි වුනා
සිනමාවටත් ඔය ටිකනං සිද්ද උනා
ReplyDeleteරූප පෙට්ටියත් ඒකට හේතු උනා
සිනමාහල් හිස් වී එකිනෙක වැහුනා
ජැකා සෝමෙ හැර අනෙකුන් වීසි උනා
නව ආරයක සිනමාහල් ඇති කරලා
Deleteඅළුතෙන් හිතන වැඩ කරුවන් දිරි දීලා
කෙරුවොත් වැඩක් මිනිසුන් හට දන්වාලා
නැංවිය හැකිය සිනමාවට පණ දීලා
මල ජරාව තමයි සීයට අනූ නවයක්ම
ReplyDeleteසිරා...
Deleteවෙලාවට ඩයලොග් ටීවී එකෙන් පිටරටවල නාලිකා ගොඩක් පෙන්නන්නේ... ඔය ටෙලිනාටක කියන ජරාව බලන වෙලාවෙ කෑම හදන එකක් හරි බලලා හිත හදාගන්න පුලුවන්.
ReplyDeleteඑ්කත් හොදයි...
Deleteඔය ඉන්දියන්, කොරියන් කුණු ගොඩවල් නොබලා ඉන්න තරමට හොඳයි...
ReplyDeleteඅනිවාර්යයෙන්...
Deleteඇමරිකන් ටී වී සීරීස් නම් බලම්..ලංකාවේ ටී වී චැනලයක් හිතා මතා බැලූ කාලයක් මතක නැත.කවුද ආසාවෙන් කුණු ගොඩවල් බලන්නෙ ;)
ReplyDeleteලංකාවෙ සමහර නිර්මාණකරුවො හොද නිර්මාණ කරනවා.ඒව බොහෝ විට විකාශනය කරන්නෙ නෑ.ඒ වෙනුවට වැඩකට නැති ඉන්දියානු හෝ කොරියානු ටෙලිනාට්‍ය පෙන්වනවා...
Deleteමං දැන් ඔය නාට්‍ය බලන්නෙම නැහැනේ.. අන්න ඒකට අපි පොඩි කාලේ තිබුන ඒවා.. සතියට දවසයි.. ඒක ඉවර වෙලා අනිත් දවස එනකන් දවස් ගැන ගැන ඉන්නේ..
ReplyDeleteඔව් ඒ දවස්වල ගොඩක් හොද ඒව තිබුනා...
Delete