Monday, June 8, 2015

ටෙලි නාට්‍ය

නාටක හදන්නට කට්ටිය මෙහි නැතිදෝ?
හැදුවත් රූප පෙට්ටියෙ ඉඩකඩ නැතිදෝ?
පිටරට ඒව මෙන් විකුණන්නට බැරිදෝ?
මෙලෙස ගියොත් නැවතුම කෙලෙසට වෙයිදෝ?

පිටරට වලින් ඉතිහාසය කියා දෙනා
ආදරයක්ද වෙන රටවල් කියා දෙනා
ඉන්දියාව කොරියාවද එකට අනා
පෙන්වන නිසා අපෙ නාටක වීසි වුනා

12 comments:

  1. සිනමාවටත් ඔය ටිකනං සිද්ද උනා
    රූප පෙට්ටියත් ඒකට හේතු උනා
    සිනමාහල් හිස් වී එකිනෙක වැහුනා
    ජැකා සෝමෙ හැර අනෙකුන් වීසි උනා

    ReplyDelete
    Replies
    1. නව ආරයක සිනමාහල් ඇති කරලා
      අළුතෙන් හිතන වැඩ කරුවන් දිරි දීලා
      කෙරුවොත් වැඩක් මිනිසුන් හට දන්වාලා
      නැංවිය හැකිය සිනමාවට පණ දීලා

      Delete
  2. මල ජරාව තමයි සීයට අනූ නවයක්ම

    ReplyDelete
  3. වෙලාවට ඩයලොග් ටීවී එකෙන් පිටරටවල නාලිකා ගොඩක් පෙන්නන්නේ... ඔය ටෙලිනාටක කියන ජරාව බලන වෙලාවෙ කෑම හදන එකක් හරි බලලා හිත හදාගන්න පුලුවන්.

    ReplyDelete
  4. ඔය ඉන්දියන්, කොරියන් කුණු ගොඩවල් නොබලා ඉන්න තරමට හොඳයි...

    ReplyDelete
  5. ඇමරිකන් ටී වී සීරීස් නම් බලම්..ලංකාවේ ටී වී චැනලයක් හිතා මතා බැලූ කාලයක් මතක නැත.කවුද ආසාවෙන් කුණු ගොඩවල් බලන්නෙ ;)

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ සමහර නිර්මාණකරුවො හොද නිර්මාණ කරනවා.ඒව බොහෝ විට විකාශනය කරන්නෙ නෑ.ඒ වෙනුවට වැඩකට නැති ඉන්දියානු හෝ කොරියානු ටෙලිනාට්‍ය පෙන්වනවා...

      Delete
  6. මං දැන් ඔය නාට්‍ය බලන්නෙම නැහැනේ.. අන්න ඒකට අපි පොඩි කාලේ තිබුන ඒවා.. සතියට දවසයි.. ඒක ඉවර වෙලා අනිත් දවස එනකන් දවස් ගැන ගැන ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ දවස්වල ගොඩක් හොද ඒව තිබුනා...

      Delete