Sunday, February 14, 2016

සිහිනය...

දකින සිහින පැදුරේදිම බොඳ වෙනවා
සියුමැලි දැත් රලු ගල් හා හැප්පෙනවා
එපිට ලොවක් ගැන තවමත් නොපෙනෙනවා
ගල්ගෙඩි අතර දුක විඳිමින් ලත වෙනවා

පාසල් යන්න ආසාවක් සිත තිබෙනා
හීනෙන් පවා දුටුවිට පොඩි සිත දැවෙනා
කොතනද වරද හරි හැටි සිත නොම දන්නා
ලෝකය දිනන අරමුණ මිරිඟුව වෙන්නා

නායක නමින් රජ කරනා ලොකු ඇත්තෝ
උන්ගෙම සතුට වෙනුවෙන් සිටිනා ගැත්තෝ
රටම රවටමින් රඟදෙන මේ ඇත්තෝ
උඹේ සිහින හොරකම් කර අරගත්තෝ

වීරිය අරන් උඹ ටික ටික හිට ගන්න
ලොක්කන් දෙකන් ඇරෙනා ලෙස හඬ දෙන්න
හොරකම් කරපු ඒ හීනය ඉල්ලන්න
සැම වෙනුවෙන්ම සුවිසල් ලොව ජයගන්න

                                                       ඡයාරූපය අන්තර්ජාලයෙනි

11 comments:

  1. හ්ම්ම්. මොනවා නම් කියන්නද

    ReplyDelete
    Replies
    1. මේ දේවල් ගැනත් මොනවහරි කියන්න...

      Delete
  2. //හොරකම් කරපු ඒ හීනය ඉල්ලන්න//

    ඇත්ත මේක තමා ඉන්දරේ...... උන් නටන නාඩගම් වලින් නැති වෙන්නේ අපේ හීන.....

    ReplyDelete
    Replies
    1. සිරාවටම කියන එක පට්ට ජනප්‍රියයි... සිරාවටම......

      Delete


  3. රටක වැදගත්ම දනයනේ මේ.....

    ReplyDelete
    Replies
    1. ඔව්...දරුවන්ව හොඳින් රැකගන්න ඕනෙ...

      Delete
  4. මේක රවුමක් වගේ ගැට ගැහිලා තියෙන්නේ.

    ReplyDelete
  5. දිළිඳු බවේ විශම චක්‍රය.

    සමරසේකර

    ReplyDelete