Sunday, March 6, 2016

දෙබස

අම්මා-පුතේ එපා නවතන්නට උඹ උ.පෙළින්
         තවදුර යන්න සිදුවෙනවා ඉගෙනීමෙන්

         උගත් කමෙත් ධනයෙත් වෙනසද තිබෙන
         අහසට පොළව සදිසිය උඹ දැනගන්න

දරුවා-කල් ගත නොවනු ඇත මේ ටික දැනගන්න
         අදටත් අපේ අවටින් ඇත දැක ගන්න

         සල්ලි කාරයන් යනවිට ආකාසෙන්
         පාරේ ඉඳන් රැකියා ඉල්ලති උගතුන්...

10 comments:

  1. උගත මනා ශිල්පයමය මතු......... රැකෙනා
    කියත දනා නෙක විලසින වෙත...... අගනා
    නිතින ඔවා දෙත වැඩිහිටි එය ......සොබනා
    නොමැති කෙනා නිසි ඉගෙනුම වෙයි ...දුදනා

    ReplyDelete
  2. උඩින් යන නූගතුන් මෙන්ම උගතුන්ද සිටිති. වෙනස බුද්ධිමතුන් ඔවුන් විසින්ම රැකියා සොයාගැනීමය. රහ්ජයේ රැකියා හිඟන උපාධිදාරීන් වල ඉහගන්න බලා සිටින කොටසකි.

    ReplyDelete