Sunday, March 12, 2017

කළු කුමර කව

  මීට පෙර ලියූ මෝහිනී කවි පන්තියට පිළිතුරකි,

සැන්දෑ එළිය රඹ පාටින් පැතිරෙනවා
සිහිල් සුළං තාලෙට ඇදි ඇදි එනවා
මගේ දෑස දෑසේ නවතිනවා
නාන තොටේ සිට නිවසට යනවා

සිත කළඹනා මල් සුවඳකි පැතිරෙන්නේ
නෙක පෙම් වදන් අප අඳුරේ මුමුනනේ
සුන්දර හැඟුම් හදවත් තුළ පූදින්නේ
නිසසළ රැයක අප හැඟුමන් එක්වෙන්නේ

"උඹට ඔහොම ගං කෙල්ලන් හරියන්නෑ"
"ලෝකෙට පෙන්වනා තත්වෙට ගැලපෙන්නෑ"
වැඩිහිටියන්ගෙ උපදෙස් නවතින්නෑ
සිටුකුමරෙකුගෙ ආදරයද නිදහස් නෑ

මල් සුවඳ හිත පතුලෙම තදකරලා
ගියමුත් ගඟේ පතුලට මා සැඟවීලා
නාන තොටක් දුටුවම සිත නැවතීලා
තවමත් බලනවා ඇයමද කියලා


6 comments:

  1. දවසින් අඳුරු මොහොතක සිත දුවනවලූ
    සිතකින් රිදුම විඳ විඳ මග බලනවලූ
    සොයමින් තවම ඒ රුව සිහි කරනවලූ
    ඉවසන් ඉතින් ඉදිරියටත් කුමර කළු........

    අපූරු තේමාවක් ඉන්ද්‍රජිත්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ලස්සන කවියක්.............. මේක පිළිතුරු කවියක් නම් අනිකත් කියවලා බලන්න එපැයි නේද???????

    ReplyDelete
  3. ස්තූතියි,'මෝහිනී' වචනය ලින්ක් කරල තියෙන්නෙ..

    ReplyDelete