Saturday, May 2, 2015

වෙසක් පැතුම...

දිලිසෙන පහන් කූඩුව වැනසෙනව වැනී
පුදසුනෙ තිබෙන හැඩමල් පරවෙනව වැනී
මෙලෙසට ලොවේ අස්ථිර බව හදට දැනී
සිටිනා අයෙක් බුදු දහමේ හරය දනී

ප්‍රඥ්ඥා බලෙන් මෝහන්ධය දුරු වේවා
වෛරය දුරු වෙමින් මෙත් මග පෑදේවා
සැබෑ දහම නිවැරදි ලෙස වැටහේවා
තෙරුවන් ගුණෙන් මුළු ලොවටම සෙත් වේවා

8 comments:

  1. වෙසකේ සැබෑ අරුත වැටහේවා.....................

    ReplyDelete
  2. ලයිට් ගොඩක් පත්තු වේවා...

    ReplyDelete
  3. වෙසක් දැන් මිනිස්සුන්ට දැනෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව්..වෙන වෙන දේ වල් ගොඩක් තියෙනවනෙ...

      Delete
  4. වෙසක් දැන් ජොලියක්

    ReplyDelete