Friday, June 26, 2015

ඒඩ්ස්

සංවේගයකි මෙපුවත දුටුවම එන්නේ
පාසල් සිසුන් විසිතුනකිය බිලි ගන්නේ
අධ්‍යාපනේ ලොක්කන් ඇස් අරිමින්නේ
හරි වයසකදි නිවැරදි දැනුමක් දෙන්නේ

8 comments:

  1. පාසල් සිසුන්ට නිවැරදි දැනුමක් දෙන්න ඕනෙ කියන කතාව ඇහෙන්නෙ අපි ඉස්කෝලෙ යන කාලේ ඉඳන්. එත් තාම ඒක ක්‍රියාත්මක වෙලා නෑ වගේ. මෙහෙම ගියොත් ඉස්සරහට ළමයින්ට මොනා වෙයිද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් තවම හරියට ක්‍රියාත්මක වෙලා නෑ...සමහර සා.පෙ උ.පෙ ගුරුවරුත් ඔය කොටස මගහරිනවා.ගුරුවරුන්ටවත් නිසි අවබෝධයක් නෑ.

      Delete
  2. දැනුවත් වීමට අවශ්‍යම තොරතුරු ළමයින්ගෙන් වසන් කිරීමේ ඊනියා සංස්කෘතික බැමි නිසා හිටි ගමං වැව් බැමි වගේ පුපුරලා යනවා.

    ReplyDelete
  3. ඔව් නිවැරදි ලිංගික අධ්‍යාපනයක් හා හෝමෝන සමඟ මතුවෙන ලිංගික හැඟීම් පාලනය කර ගැනීමට ඉගැන්වීමේ ක්‍රම වේදයක් අත්‍යවශ්‍යයි.ගුරුවරයෙක් හැටියට මං ඒක කියන්නේ....ළමයි සම සම්බන්ධතාත් ගොඩනගාගන්නවා මං දැකලා තියනවා..ඒක හරි දේ කියලා හිකං ඉන්නවද මන්දා

    ReplyDelete
    Replies
    1. ඔව්,නිවැරදි දැනුම නොලැබුනාම ළමයි වැරදි දෙයට යොමු වෙනවා..

      Delete
  4. තමාගේ ආරක්ෂාව තමන්ට බලාගන්න වෙනව

    ReplyDelete
    Replies
    1. ඔව්...එහෙම පරිස්සම් වෙන්න අඩුමගානෙ ගෙදරින් වත් ඔය ගැන නිවැරදි දැනුමක් ලැබෙන්න ඕනෙ...

      Delete