සීගිරි ගලේ සිතුවම් ඇන්දේ කවුරු
සිංහ රුවට ජීවය දුන්නේ කවුරු
සීගිරි ගලේ ඉතිහාසේ නම කවුරු
ඉතිහාසයද ඇයි මේ තරමට නපුරු
කලා වැවට දිය පිරුණේ කොයි දෑතින්
යොධ ඇලේ දිය ගැළුවේ කොයි දෑතින්
ඉතිහාසයේ නම් ලියවන කලට ඉතින්
ඇයි නොලිවුනේ 'සහ පිරිසයි' කියන වදන්
ඉතිහාසයෙම පර සතුරන් පැරද වුනා
රටකට ඕනෙ ඒ නිදහස සඵල වුනා
දේශය නමින් පොඩි මිනිසුන් මිය ඇදුනා
නිරිදුන් නමක් ඉතිහාසයෙ පල කෙරුණා
වඩුවාණනේ ඔබ කල බුදුරුව මනරම්
පුදුමයි ගලන්නැහැ මේ මුවගින් සදහම්
දෑසින් පෙනෙයි මෙත් මුදිතා ගූණ මනරම්
ඔබගේ දිවිය මෙලෙසට වූවද කැටයම්
ඉතිහාසයට අමතකදෝ ඔබේ නම
කාළය සමග ලියවිණ ඒ රජුගෙ නම
කෙලෙසින් ඔවුන් මග හැරියද හපන්කම
පොතකට නොවේ හද තුලටම කියමි මම
මේ මිනිසුන්ට මේ කවි පද ඇසුණා නම්
දෙන පිලිතුරුත් කෙලෙසට වෙද දන්නේ නම්
සීගිරි ගලේ ඇන්දේ යුතුකම වෙනුවෙන්
සිංහ රුවට දිවි දුන්නේ රජු වෙනුවෙන්
ඉතිහාසයේ නැති වූවද අප නාමෙන්
දුක නෑ කලෙමියුතුකම මම රට වෙනුවෙන්
කලා වැවට දිය පිරුණේ අපෙ දෑතින්
යොධ ඇලේ දිය ගැලුවේ අපෙ දෑතින්
මව් බිම හැදුණෙ ඒ නිරිදුන්ගේ නුවණින්
සැබෑ රජෙකු විය එතුමන් රට නාමෙන්
දෙදහස් වසක් මේ සිරිලක රැක දුන්න
දේශෙට ඕන ඒ නිදහස රැක දුන්න
අපි වෙමු සෙබළු හැම යුද්දෙම මිය ඇදුන
ඇගයුම නෙවෙයි මව් බිම විතරයි ඕන
දෙදහස් වසට පෙර යුගයක ලක උන්න
මම වෙමි වඩුව බුදුනග රුව හැඩ කෙරුණ
කළයුතු යුතුකමත් කෙරුවෙමි වෙත දෙරණ
මට නම් ඕනෙ නෑ මගෙ නම ලියවන්න
සිංහ රුවට ජීවය දුන්නේ කවුරු
සීගිරි ගලේ ඉතිහාසේ නම කවුරු
ඉතිහාසයද ඇයි මේ තරමට නපුරු
කලා වැවට දිය පිරුණේ කොයි දෑතින්
යොධ ඇලේ දිය ගැළුවේ කොයි දෑතින්
ඉතිහාසයේ නම් ලියවන කලට ඉතින්
ඇයි නොලිවුනේ 'සහ පිරිසයි' කියන වදන්
ඉතිහාසයෙම පර සතුරන් පැරද වුනා
රටකට ඕනෙ ඒ නිදහස සඵල වුනා
දේශය නමින් පොඩි මිනිසුන් මිය ඇදුනා
නිරිදුන් නමක් ඉතිහාසයෙ පල කෙරුණා
වඩුවාණනේ ඔබ කල බුදුරුව මනරම්
පුදුමයි ගලන්නැහැ මේ මුවගින් සදහම්
දෑසින් පෙනෙයි මෙත් මුදිතා ගූණ මනරම්
ඔබගේ දිවිය මෙලෙසට වූවද කැටයම්
ඉතිහාසයට අමතකදෝ ඔබේ නම
කාළය සමග ලියවිණ ඒ රජුගෙ නම
කෙලෙසින් ඔවුන් මග හැරියද හපන්කම
පොතකට නොවේ හද තුලටම කියමි මම
මේ මිනිසුන්ට මේ කවි පද ඇසුණා නම්
දෙන පිලිතුරුත් කෙලෙසට වෙද දන්නේ නම්
සීගිරි ගලේ ඇන්දේ යුතුකම වෙනුවෙන්
සිංහ රුවට දිවි දුන්නේ රජු වෙනුවෙන්
ඉතිහාසයේ නැති වූවද අප නාමෙන්
දුක නෑ කලෙමියුතුකම මම රට වෙනුවෙන්
කලා වැවට දිය පිරුණේ අපෙ දෑතින්
යොධ ඇලේ දිය ගැලුවේ අපෙ දෑතින්
මව් බිම හැදුණෙ ඒ නිරිදුන්ගේ නුවණින්
සැබෑ රජෙකු විය එතුමන් රට නාමෙන්
දෙදහස් වසක් මේ සිරිලක රැක දුන්න
දේශෙට ඕන ඒ නිදහස රැක දුන්න
අපි වෙමු සෙබළු හැම යුද්දෙම මිය ඇදුන
ඇගයුම නෙවෙයි මව් බිම විතරයි ඕන
දෙදහස් වසට පෙර යුගයක ලක උන්න
මම වෙමි වඩුව බුදුනග රුව හැඩ කෙරුණ
කළයුතු යුතුකමත් කෙරුවෙමි වෙත දෙරණ
මට නම් ඕනෙ නෑ මගෙ නම ලියවන්න
කොහොමත් ඉතින් ලියවෙන්නෙ රජාගෙ නම නෙ. ඔය සීගිරියෙ තියන්නෙ සිංහ රුවක් නෙවෙයි කියලත් කියනව නේද.. ක්හොම වුනත් ඒවයෙ තියන කලාත්මක වටිනාකම නම් ඉහලයි.
ReplyDeleteඅද මොකෝ ටිකක් වැඩියෙන් ලියලා ??? :)
තරගයකට ලියපු කවි පෙලක් නිසා ටිකක් දිගයි...
Deleteහා කවි ටික හොඳයි.. සීගිරිය ගැන නම් ඉතින් වෙනම කතා කල යුතු ලොකු මාතෘකාවක්..
ReplyDeleteමාස තුන හතරකින් තමා මේ බ්ලොග් පැත්තේ එන්නේ.. හමු වීම සතුටක්! දැන් මමත් ආපහු ලියන්න පටන් ගන්න ඕනේ.
ඔව් නැවත ඉක්මනින් පටන් ගන්න...
Delete