Tuesday, September 3, 2013

ව‍රද?


වෙනත් දෙශෙකට ගසනා එක හ‍රිද?
රස‍යන අවිත් නීීතියෙ විදිහට හරිද?
බලලොබීව කරනා කැත වැඩ හරිද?
මෙවා නොදකිනා දෙවියන් අද කොහිද?

අප ‍රට පුරා ලෙ ගන්ගාවල් හලපු
ගමක් ගමක් කැති ගාලා ගිනි තියපු
එහෙම කරපු උන් නැත්තට නැති කරපු
කොකද වරද දන්නෑ මිනිසුන් කරපු

Friday, May 17, 2013

නිදහස් රටක සිව් වසරක්....

විරුවන් දිවි පුදා සිරිලක රැක දුන්නා
ඒ නාමයෙන් එදවස නිදහස ලැබුණා
නිදහස් රටෙ සිව් වසරක් ගත කෙරුණා
අනාගතය වෙනුවෙන් කෙරුණද කරණා?

උපන් බිමට ද්‍රෝහී උන් ඉන්න එපා
බේදය නැවත සිරිලක වෙත එන්න එපා
විරුවන් සුරැකි මේ රට වෙන් කරන් එපා
කාටත් උරුම සිරිලක අනෙ බෙදන් එපා

Sunday, May 12, 2013

වැස්ස

අනිසි කලට දැන් දැන් වැටෙනා වැස්ස
නරක මිසක් හොද දේ සිදු නොවන ලෙස
මෙහෙම දෙයක් සිදුවන්නේ යැයි කෙලෙස
කැලෑ කපපු පව් පසුපස එන විලස

Friday, April 26, 2013

රජරට ගොවි බිම....

එදා රජරට ගොවි රජුන් අද සිටින්නේ ලෙඩ ඇදේලු
පිටරටින් ආ පොහොර හින්දා රටම ලෙඩ වන බවට බයලු
උඩින් පොහොරයි යටින් මුදලයි හින්ද ලොක්කන් කතා නැල්ලු
ගොවි බිමට වෙන නපුරු දැකලා ඉබේටම දෑසම තෙමෙයිලු

පැයෙන් එහෙ මෙහෙ යන්න කියලා පාරවල් හැදුවාට ඇතිද?
ගොවි බිමට ජල ගෙනෙන විදි ගැන තැකීමක් ඕනේම නැද්ද?
පිටරටින් ගෙන්වන්නෙ නැතිනම් අපිට හෙට දින කන්න නැද්ද?
අපිට ගැලපෙන වර්ධනේ ගැන අනේ දැනුමක් තවම නැද්ද?

Wednesday, April 17, 2013

නීතිය

අනාගතය මෙරටේ දියුණට යන්න
හොර මැරකම්ද පොඩ්ඩක් හෝ නවතන්න
වැරදි කරුව හොයලා දඩුවම් දෙන්න
කෙලින් නීතියක් මෙරටේ බිහිවෙන්න

ඉවක් බවක් නැති ලෙස හොරකම් කරන
රටේ මුදල් වංචාවෙන් අරගන්න
එහෙව් වැඩෙන් අපෙ සිරිලක වනසවන
උන්හට අනේ රජ කල දඩුවම් දෙන්න

Sunday, March 31, 2013

ජාතිය හා ආගම

එකම සිරිලක් ජාතියයි
මිනිස්කම මගෙ ආගමයි
කාට වූවත් සමානයි
විපත වුවහහොත් පිහිට වෙයි

ත්‍රස්තවාදෙට විරුද්දයි
කවුරු කෙරුවත් වැඩ කැතයි
සැමට ඕනේ නිදහසයි
අපට ඕනේ එක රටයි

Friday, March 22, 2013

රාජ්‍ය සේවකයන් වෙතටයි...

ලැබෙන සොච්චමෙන් මාසෙ දුවලා
ණයට බරවී ගෙවල් හදලා
බස් එකේදිත් කට්ට කාලා
ප්‍රශ්න වැලකින් ඔළුව පිරිලා

කෙතරම් ප්‍රශ්න තිබුනත් පෙන්වන්න එපා
ප්‍රශ්න අසන අය වෙත ගොරවන්න එපා
ඔබ වැනි අයකු බව අමතක කරන් එපා
රටේ කාලෙ බොරුවට කා දමන් එපා


Saturday, March 16, 2013

Time

Time shouldn't be wasted,


It should be harvested, 

In a Way which your future is supported,

In a Mood where success is appreciated,

In an Atmosphere where happiness is ruled,

With a Target where progress is needed,

With Friendships where personality is molded,

With dedication,

Without suffocation,

There are targets waiting for completion. . . . . . . . .

Thursday, March 7, 2013

බිග් මැච් කාලෙ ඇවිල්ලා

ජය පැරදුම එක ලෙසට දරන්නයි
ක්‍රීඩාවෙ ගුණ හොදට රැකනේනයි
අපෙ රටෙ නම ලොවෙ දිලෙන්නයි
වැදගත් ක්‍රීඩකයන් බිහි වෙන්නයි

තුනටම එක ලෙස දස්කම් පානා
ජීව ගුණය පිටියේ මැද රකිනා
පොලවේ සිටගෙන කතාව කරනා
සැබෑම ක්‍රීඩකයන් බිහි වෙන්නා

Saturday, February 23, 2013

දෙවියා හා දේවාලය

දේවාලයයි එය රටට සවිය දුන්න
පිං බිමක් තමයි එය  සැමට කන්න දුන්න
වීරයන් බොහෝ ලක් මවට පිදුව එතන
කුඹුර තමයි එය බඩ ගින්දර නිවන

ඔහු ශ්‍රමයෙන් කන අය ලොව ජයගන්න
දවස පුරා රට වෙනුවෙන් බත දෙන්න
දේශය වෙනුවෙන් කැපවී වැඩ කරන
දෙවිදු ඔහුයි කුඹුරක් මත වැඩ ඉන්න

Saturday, February 9, 2013

වාදකයා.....


වීදිය අයිනේ නලාව අතරින් තාලය බෙදලා දුන්නෙ ඔබයි
…රස පමනක් නොව ජීවිත පාඩම අපහට කියලා දුන්නෙ ඔබයි
…කැලඹෙන වා කද අතේ දරාගෙන කැලඹෙන දිවියට සටන සොයයි
…තම දිවි අයදින නලාව හඩවන ඒ අමුතුම ගුරුතුමා ඔබයි

…අතපය තිබියදි දිවිතොරකරගත් දන හට හරි පිලිතුර දුන්න
…සොර වංචා නැති මනුසත් දිවියට නිවැරදි උපදෙස ලැබ දුන්න
…තම හැකියාවෙන් දිවි රැකගන්නට උපරිම දිරි අරගෙන යෙදෙන
…සැබැඑම මිනිසෙකි ඔබනම් මේ ලෙස බටනලාව පිබඹින

Friday, February 1, 2013

නිදහස?


…පිටරට මුදල් ගෙන පොලියට හා ණයට
…ආධාරයෙන් දියුණුව යැයි රට රවට
…නොබලන කලට නව දෙයකින් ජය ගන්ට
…පිටරට වලට වදිනා නිදහස කුමට

…වැරදි කරුවො කවුරුත් බැහැ එල්ලන්න
…ආධාරයක් අඩුවන බව දැන ගන්න
…දේශය විකුනමින් උං සුර සැප විදින
…කවුරුත් කලේ ඔය ටික බව දැන ගන්න

Friday, January 18, 2013

නූතන විද්‍යාව් සියළුදේ දන්නවද ?


…ආශිර්වාදය කියන්නෙ කුමටද?
…මිනිසට කල හැකි සීමා මොනවද ?
…සිහිනෙන් පේන්නෙ ඇත්තට මොනවද?
…විද්‍යාවෙන් එය පැදිලි වේවිද?

Saturday, January 5, 2013

ඇයිද තීරුවක්?


…ජාතික කොඩියෙ වෙන්කර ඇත තීරු දෙකක්
…ඉන් දක්වන්නෙ මෙරටේ ඇති ජාති දෙකක්
…ඔවුන් වෙතට දුන්නේ ඇයි තීරු දෙකක්
…ජාතික කොඩියෙ සිට ඇරඹුවෙ ඇයි බෙදුමක්

…ජාතික කොඩිය මුලු රටටම උරුම බැවින්
…තීරු දෙකක් පමණක් ඇයි දුන්නෙ ඉතින්
…රට තුල සමව වෙසෙනට උවමනා බැවින්
…කොඩියෙන් බෙදුම නවතන්නට හිතමු ඉතින්