Friday, September 18, 2015

යහපත් දවසක්...

නැණ ගුණ දෙකම පිරවිය හැකි ඉගෙනුමද
මිනිස් මනස සුවපත්වන කළාවද
නිවැරදි දෙයින් පුරවා නැංවිය හැකිද
එදිනට ලැබෙයි ඒ සුන්දර දින සබද

Tuesday, September 8, 2015

වී

පැයෙන් එහෙ මෙහෙ යන්න කියලා පාරවල් සදනා වෙලාවේ
වගුරු ගොඩකර කැළෑ එළි  කර ගුවන් තොටු සෑදූ වෙලාවේ
වවන්නට ගබඩා කරන්නට අළුත් ක්‍රම ගැන අහක බැළුවේ
රටට ගැලපෙන දියුණුවක් ගැන තවම නැතිදෝ සොයා බැළුවේ