Thursday, December 31, 2015

අලුත් වසරෙදී සැමටම ජය වෙන්නයි...

දෙදහස් පහලවේ පාඩම් ඉගෙනගෙන
දෙදහස් දාසයේ තව දියුණට යන්න
සැමහට රටේ නව අදහස් ඇතිවෙන්න
සැම දෙවිවරුනි රටටම වරමක් දෙන්න

සිත්තුල සතුට සැම විටකම උතුරන්නයි
බාධක ඉදිරියේ නොසැලෙන දිරිගන්නයි
සැම දන එකා මෙන් දියුනුව වෙත යන්නයි
අලුත් වසරෙදී සැමටම ජය වෙන්නයි

Sunday, December 20, 2015

කුඩ්ඩා...

කුඩ්ඩා:-ගහපන්සර් ගෙන්වන 'එතුමට' කතිර
             එතන ඉදන් ගහපන් 'සැලියුට්' නිතර

             උරපු එකයි ලොකු වරදම දැනගන්න
              ගහපන් සර් මගෙ ඉලඇට කුඩුවෙන්න

නිලධාරියා:-මොකක්ද තෝ කිව්වෙ?!

කුඩ්ඩා:-ඇත්ත සර් කියවුනේ...

Wednesday, December 2, 2015

ලෝක ආබාධිත දිනය වෙනුවෙන්...

උපතින් ගෙනෙන නැතහොත් දිවියේ වැටෙන
නෙක අබාධ හමුවේ නොසැලී සිටින
හෙට දින දිනන්නට ලොව හා පොරබදන
විරුවනි ඔබට මේ කව උපහර පුදන