Saturday, October 25, 2014

රට නැංවූ මිනිසුන්

සීගිරි ගලේ සිතුවම් ඇන්දේ කවුරු
සිංහ රුවට ජීවය දුන්නේ කවුරු
සීගිරි ගලේ ඉතිහාසේ නම කවුරු
ඉතිහාසයද ඇයි මේ තරමට නපුරු

කලා වැවට දිය පිරුණේ කොයි දෑතින්
යොධ ඇලේ දිය ගැළුවේ කොයි දෑතින්
ඉතිහාසයේ නම් ලියවන කලට ඉතින්
ඇයි නොලිවුනේ 'සහ පිරිසයි' කියන වදන්

ඉතිහාසයෙම පර සතුරන් පැරද වුනා
රටකට ඕනෙ ඒ නිදහස සඵල වුනා
දේශය නමින් පොඩි මිනිසුන් මිය ඇදුනා
නිරිදුන් නමක් ඉතිහාසයෙ පල කෙරුණා

වඩුවාණනේ ඔබ කල බුදුරුව මනරම්
පුදුමයි ගලන්නැහැ මේ මුවගින් සදහම්
දෑසින් පෙනෙයි මෙත් මුදිතා ගූණ මනරම්
ඔබගේ දිවිය මෙලෙසට වූවද කැටයම්

ඉතිහාසයට අමතකදෝ ඔබේ නම
කාළය සමග ලියවිණ ඒ රජුගෙ නම
කෙලෙසින් ඔවුන් මග හැරියද හපන්කම
පොතකට නොවේ හද තුලටම කියමි මම

මේ මිනිසුන්ට මේ කවි පද ඇසුණා නම්
දෙන පිලිතුරුත් කෙලෙසට වෙද දන්නේ නම්

සීගිරි ගලේ ඇන්දේ යුතුකම වෙනුවෙන්
සිංහ රුවට දිවි දුන්නේ රජු වෙනුවෙන්
ඉතිහාසයේ නැති වූවද අප නාමෙන්
දුක නෑ කලෙමියුතුකම මම රට වෙනුවෙන්

කලා වැවට දිය පිරුණේ අපෙ දෑතින්
යොධ ඇලේ දිය ගැලුවේ අපෙ දෑතින්
මව් බිම හැදුණෙ ඒ නිරිදුන්ගේ නුවණින්
සැබෑ රජෙකු විය එතුමන් රට නාමෙන්

දෙදහස් වසක් මේ සිරිලක රැක දුන්න
දේශෙට ඕන ඒ නිදහස රැක දුන්න
අපි වෙමු සෙබළු හැම යුද්දෙම මිය ඇදුන
ඇගයුම නෙවෙයි මව් බිම විතරයි ඕන

දෙදහස් වසට ‍පෙර යුගයක ලක උන්න
මම වෙමි වඩුව බුදුන‍ග රුව හැඩ කෙරුණ
කළයුතු යුතුකමත් කෙරුවෙමි වෙත දෙරණ
මට නම් ඕනෙ නෑ මගෙ නම ලියවන්න

Tuesday, October 21, 2014

අදුර දුරු වේවා....

සිරිලක පුරා හැම අදුරම දුරු වෙන්නයි
අදුර මරා ආලෝකය බිහි වෙන්නයි
සැම පහණකින් අපෙ රට වෙත සෙත් දෙන්නයි
මෙදා පටන් ඔබ සැම හට ජය වෙන්නයි

සිත් තුල තිබෙන සැක සංකා දුරු වේවා
මුළුරට පුරා සිත් එක ලෙස යාවේවා
සැහට තිබෙන දුක් අදුරද දුරු වේවා
සැමදා රැකෙන මිතුදමකින් එක් වේවා

Monday, October 20, 2014

ඡන්දය...

වටිනා කියන අපගේ දෙය රැකගන්න
ගැලපෙන දෙයක් මව්බිම වෙත ගෙන එන්න
නිමැවුම් අපේ, ලොව වෙත අරගෙන යන්න
හැකි මිනිසකුට හය වසරක් රට දෙන්න

නීතිය නියම ලෙස රටතුල පවතී නම්
කාගෙත් වරදකට දඩුවම හිමි වේ නම්
මෙලෙසට කරයි ලෙස විශ්වාසය ඇති නම්
පමණක් දෙන්න ඡන්දය දැන වටිනාකම්

Thursday, October 16, 2014

සුවිශේෂී ක්‍රීඩකයා....

අප රට නාමය ලොවට ගෙනයමින්
පන්දුව හමුවේ පිත්ත අතදරන්
ලොකය හමුවේ කරපු ඒ සටන්
මතකයි කෙළිබිම නැගු දද එලෙසින්

අරවින්ද ද සිල්වා මහතාට සුභ උපන් දිනක් පතමින්.... 

Sunday, October 5, 2014

හජ්ජි පැතුම

ආගම දහම හරිහැටි හදුනාගන්න
ආගම නමින් වෛරය බෑ වපුරන්න
දෙවියනි නැවත මනුලොව වෙත වඩිමින්න
ආගම දහමෙ හරි අර්ථය පහදන්න

මනුසත් දහඑ හදුනන මිනිසුනි ඔන්න
දෙවියන් ඔබව රැකදෙන බව දැන ගන්න
ඔබගේ දිවිය හැමදාමත් සරු වෙන්න
කවකට නැගුණු මේ පැතුමන් පිළිගන්න

Thursday, October 2, 2014

ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකිකයා...

උපන් බිමට තම යුතුකම ඉටු කෙරුව
ත්‍රස්තවාදයේ අදුර ල‍ොවට කිව්ව
ලොවක් ඉදිරියේ හඩක් රටට පෙව්ව
උදාර විරුවෙකි රටෙ පෙරමග කිව්ව

ලක්ෂ්මන් කදිරගාමර් මහතා වෙනුවෙනි.....

Wednesday, October 1, 2014

ලෝක ළමා දිනය වෙනුවෙන්

අනාගතය හැඩ කරන්න
හෙට ලෝකය දිනා ගන්න
අපෙ මව් බිම සුරැකගන්න
නිවැරදි දේ ඉගෙනගන්න