Sunday, October 28, 2012

ලොවට සාමය උදා වේවා !


ක්‍රෝධ වෛරය දසත වපුරා කෙලෙස බේදය වුනාදෝ
…සතුට සාමය ලොවෙන් සදහට තුරන් වීලා ගියාදෝ
…ලොවේ සත හැම දෙනා වෙනුවෙන් එකට එක්වී නැත්තෙ ඇයිදෝ
…උසස් මනුසත් කියපු බන දම් අනේ අද කොයි ලොවේදෝ

…එකම ලොව අද එකට සිටිනා බවත් අමතක වී ගිහින්
…රක්ත පැහැ රුදිරයක් ගලනා බවත් අමතක වී ඉතින්
…අවි වලින් වැඩ අරන් තම බල ලොවට පෙන්වන්නට සිතන්
…බලය පසුපස දුවන මිනිසුනි අනේ ලෝකය ගැන සිතන්

Tuesday, October 23, 2012

නැවත ආවා


…පනහ ලියනට බලන් හිටියා
…දුකක් දී මට නැතිව ගියා
…නවත ගන්නට සිතට යොදලා
…දන්න හැම දෙය කරල හිටියා

…ඒ දෙය අමතක කර දමලා
…අලුත් විදියට ටිකක් හිතලා
…මගේ අරමුනු නැවත කියලා
…ආව නැවතත් ලියමි සිතලා