Thursday, December 31, 2015

අලුත් වසරෙදී සැමටම ජය වෙන්නයි...

දෙදහස් පහලවේ පාඩම් ඉගෙනගෙන
දෙදහස් දාසයේ තව දියුණට යන්න
සැමහට රටේ නව අදහස් ඇතිවෙන්න
සැම දෙවිවරුනි රටටම වරමක් දෙන්න

සිත්තුල සතුට සැම විටකම උතුරන්නයි
බාධක ඉදිරියේ නොසැලෙන දිරිගන්නයි
සැම දන එකා මෙන් දියුනුව වෙත යන්නයි
අලුත් වසරෙදී සැමටම ජය වෙන්නයි

Sunday, December 20, 2015

කුඩ්ඩා...

කුඩ්ඩා:-ගහපන්සර් ගෙන්වන 'එතුමට' කතිර
             එතන ඉදන් ගහපන් 'සැලියුට්' නිතර

             උරපු එකයි ලොකු වරදම දැනගන්න
              ගහපන් සර් මගෙ ඉලඇට කුඩුවෙන්න

නිලධාරියා:-මොකක්ද තෝ කිව්වෙ?!

කුඩ්ඩා:-ඇත්ත සර් කියවුනේ...

Wednesday, December 2, 2015

ලෝක ආබාධිත දිනය වෙනුවෙන්...

උපතින් ගෙනෙන නැතහොත් දිවියේ වැටෙන
නෙක අබාධ හමුවේ නොසැලී සිටින
හෙට දින දිනන්නට ලොව හා පොරබදන
විරුවනි ඔබට මේ කව උපහර පුදන

Tuesday, November 24, 2015

පාසල් විෂමතාවය

එක පාසලක ඇති උපරිම පහසුකම
තව පාසලක වැසිකිළිවත් නැති තරම
ඒ දෙක අතර හැම මව්පියො පොරකෑම
විසදුම් ගෙනාවොත් හොදවෙයි නුදුරේම

ගුරුවරු හරිම ලෙස පාසල් වෙත බෙදලා
පාසල් අහිමි නොවනට හැම ක්‍රම යොදලා
පාසල් අතර ඇති වෙනසද අඩු කරලා
නිවැරදි කරොත් වටිනව හෙට ගැන සිතලා

Tuesday, November 17, 2015

සුභ උපන් දිනක් වේවා...

තැන තැන මැරී ගිය යුග නිමකරලන්න
ඔබ කල මෙහෙය අමතක නෑ දැනගන්න
මිතුරන් නමින් බොරුවට ඔබ ළග ඉන්න
අයගෙන් සසර ඇතිතෙක් ඈතට වෙන්න

Friday, November 13, 2015

උඩින් වැටෙනකං...,

දින විතරක් නෙවෙයි වසරින් වසර ගියා
අප පසුකරන් මුළු ලෝකය පෙරට ගියා
උඩින් වැටෙනකං කල් මරමින් සිටියා
ඉතින් පුරුදු ලෙස උඩ බලමින් සිටියා

Wednesday, October 28, 2015

...

අකුරකට දිවි ඇත්ද දුක සතුට ලැබ දෙන්න
හැගුමකට පුළුවන්ද වචනයක හිරවෙන්න
සිහිනෙකට හැකිවේද පද පේලි පුරවන්න
කවියකට හැකිවේද ජීවිතය පවසන්න

Wednesday, October 14, 2015

ලෝක ආහාර දිනය...

කන්න වැඩිව විසි කරනා අපේ ලොවේ
අස්වැන්නට මිලක් නැතිව බොහෝ තැවේ
කුසගින්නට අහර නැතිව තවත් තැවේ
අහර දිනය සමරනවලු මෙහෙම ලොවේ

කුසගිනි වැඩිව දුක් විදිනා ඒ අයටයි
පාලනයෙන් තොරවී විදවන අයටයි
අහර විසවෙලා විදවන මිනිසුන්ටයි
විසදුම ගෙනාවොත් හෙට ලෝකයට හොදයි

Monday, October 5, 2015

ගුරු දිනය වෙනුවෙන්...

අඩුව නොකරම දැනුම දේනම්
කිසිම අයෙකුට වෙනස නැතිනම්
නැවුම් වෙනසට දිරිය වේනම්
රටම බාරයි ඔබට එහෙනම්

Friday, September 18, 2015

යහපත් දවසක්...

නැණ ගුණ දෙකම පිරවිය හැකි ඉගෙනුමද
මිනිස් මනස සුවපත්වන කළාවද
නිවැරදි දෙයින් පුරවා නැංවිය හැකිද
එදිනට ලැබෙයි ඒ සුන්දර දින සබද

Tuesday, September 8, 2015

වී

පැයෙන් එහෙ මෙහෙ යන්න කියලා පාරවල් සදනා වෙලාවේ
වගුරු ගොඩකර කැළෑ එළි  කර ගුවන් තොටු සෑදූ වෙලාවේ
වවන්නට ගබඩා කරන්නට අළුත් ක්‍රම ගැන අහක බැළුවේ
රටට ගැලපෙන දියුණුවක් ගැන තවම නැතිදෝ සොයා බැළුවේ

Tuesday, August 4, 2015

ඕලු මල...

පොකුණ මැද හොද රුවක් වීලා ඕලු මල විකසිත වෙලා
වෙලා එනකොට පෙති විදාලා පොකුණ මැදදී වැජඹිලා
දිනත් සමගම කල් ගෙවීලා අළුත් කැකුළක් එසවිලා
අළුත් මලකට තැනක් දීලා පරණ මල අද මැලවිලා...

Sunday, July 5, 2015

මහ මැතිවරණය

පරපුරෙන් ඡන්දයද දුන්නා
රැවටිලා උඩ බලන් උන්නා
පාට දෙකකට සිරව උන්නා
විකල්පයකට ඉඩ නොදුන්නා

පාට සිහිනෙක ඇදි අදී යති
දැකපු සිහිනය තවම නිම නැති
වසර ගණනක් රැවටුණෝ වෙති
විකල්පයකට කාලෙ දැන් ඇති

Friday, June 26, 2015

ඒඩ්ස්

සංවේගයකි මෙපුවත දුටුවම එන්නේ
පාසල් සිසුන් විසිතුනකිය බිලි ගන්නේ
අධ්‍යාපනේ ලොක්කන් ඇස් අරිමින්නේ
හරි වයසකදි නිවැරදි දැනුමක් දෙන්නේ

Monday, June 8, 2015

ටෙලි නාට්‍ය

නාටක හදන්නට කට්ටිය මෙහි නැතිදෝ?
හැදුවත් රූප පෙට්ටියෙ ඉඩකඩ නැතිදෝ?
පිටරට ඒව මෙන් විකුණන්නට බැරිදෝ?
මෙලෙස ගියොත් නැවතුම කෙලෙසට වෙයිදෝ?

පිටරට වලින් ඉතිහාසය කියා දෙනා
ආදරයක්ද වෙන රටවල් කියා දෙනා
ඉන්දියාව කොරියාවද එකට අනා
පෙන්වන නිසා අපෙ නාටක වීසි වුනා

Tuesday, June 2, 2015

මරණ දඩුවම...

රටට තිබෙන හෙට දවසද වනසවන
මත්කුඩු ගෙනෙන උන් හට මරණය දෙන්න
ගෙනෙනව කිව්ව නීතිය ඉක්මන් වෙන්න
දිරි බල ලැබේවා ජනපතිදුනි ඔන්න

මිනි මරුවො දූෂකයොත් අඩු වෙන්න
වැරදිකරුවො කාගෙත් සිත රත් වෙන්න
උන්ගෙන් මෙරට හෙට දවසට රැක ගන්න
එල්ලුම් ගහට යලි ජීවය ලැබ දෙන්න

Monday, May 25, 2015

පාර අරිනවද?

ශ්‍රී ලංකාවේ ඉහලම වායු දූෂණය සහිත නගරය මහනුවරයි.මෙම තත්වය අවම කිරීමට බොහෝ විද්වතුන්ගේ විසදුම වූයේ දළදා මාළිගය අසළින් ඇති මාර්ගය රත වාහන සදහා විවෟත කිරීමයි...

වැව රවුමේ තෙල් දහනය අඩු වෙන්නයි
නගරෙ තිබෙන තදබදයද අඩු වෙන්නයි
නුවර අපේ පෙනහළු ටික රැක ගන්නයි
මාවත විවර කර පින්කම කර ගන්නයි

Saturday, May 16, 2015

සය වසරක්...

සය වසරක්ම ගිය බව මතකෙට ගනිමු
සැමහට රටේ ඇති අයිතිය සිහි තබමු
සැක දුරු වෙන්න අවබෝධය ඇති කරමු
එකම රටක් ලෙස එක ගමනක යෙදෙමු

යුද්දය ඉවර වෙලා සය වසරකට පසුත් සිත් තුල තිබෙන සැක සංකා තවමත් දුරු වෙලා නෑ.අධ්‍යාපනය,සාහිත්‍ය,කළාව වැනි දේ තුලින් මිනිසුන් අතර විශ්වාසය සහ අව‍‍බෝධය ඇති කළ යුතුයි.

Monday, May 11, 2015

පියඔන්න...

එපිටින් තියෙන සුවිසල් ලොව දැකගන්න
නිදහස ඇතිව ලෝකය තුල ඉගිලෙන්න
සිහිනය තිබේ කවදා හෝ ජයගන්න
ගෙදරින් නික්මිලා ලොව වෙත පියඔන්න

මුන් දෙන්නත් ගිය අවුරුද්දෙ උසස් පෙළ ලියපු අප වගෙයි කියල හිතුනා...

Saturday, May 2, 2015

වෙසක් පැතුම...

දිලිසෙන පහන් කූඩුව වැනසෙනව වැනී
පුදසුනෙ තිබෙන හැඩමල් පරවෙනව වැනී
මෙලෙසට ලොවේ අස්ථිර බව හදට දැනී
සිටිනා අයෙක් බුදු දහමේ හරය දනී

ප්‍රඥ්ඥා බලෙන් මෝහන්ධය දුරු වේවා
වෛරය දුරු වෙමින් මෙත් මග පෑදේවා
සැබෑ දහම නිවැරදි ලෙස වැටහේවා
තෙරුවන් ගුණෙන් මුළු ලොවටම සෙත් වේවා

Monday, April 27, 2015

19

හොදත් නරක ඇහුණා කණ දෙදරන්න
උද්ඝ‍ෝෂණද නැගුවා හඩ රැව්දෙන්න
විවිධ වැඩත් කෙරුවලු පහු කරලන්න
රටට හොදයි නම් සම්මත කරලන්න

ජනතා මතය අමතක කරලන්න එපා
නීතිය රටේ කිසිවිට වැනසෙන්න එපා
නිදහස කාගෙවත් අනතුරෙ වැ‍ට‍ෙන් එපා
අනිසි බලය කිසිවෙකුටත් ලැබෙන් එපා





Saturday, April 11, 2015

සුභ අළුත් අවුරුද්දක් වේවා...!

අටු කොටු පිරෙන ලෙස ගොවිතැන් සරු‍ වෙන්නයි
නීතිය හමුවෙ අවනීතිය දුරු වෙන්නයි
සැම සිත් පුරා දුක් ගින්දර අඩු වෙන්නයි
නව අවුරුද්දෙ සතුටින් රට සපිරෙන්නයි

කරන කරන යහපත් දෙය සරු වේවා
සැක දුරු වෙමින් විශ්වාසය පැතිරේවා
සැබෑ අළුත් බවකින් රට සපිරේවා
මේ අවුරුද්දෙ මුළු රටටම ජයවේවා

Monday, April 6, 2015

අලි මිනිස් ගැටුම...

මැතිවරු ඇමතිවරු පැටවුන් ගෙනයනවා
උන්හට ඉන්න ඇති කැළයද වනසනවා
ඉන්න‍ට කැළය නැති කල ගම පීරනවා
ගම්මුන් වැවූ බව භෝගද වනසනවා

වගාවන්ද තම දිවියද රැක ගන්න
බැරි වූ කලදි අලියන්ගෙන් ගැලවෙන්න
සිදුවෙයි ඉතින් හොද නරකද කරලන්න
හරි විසදුමක් තවමත් නෑ දැකගන්න

Monday, March 23, 2015

නව යුගයක්..??

තව මාසෙකින් නව රට බිහි කල හැකිද?
යන මාවතේ හරි වෙනසක් සිදු වෙයිද?
වැරදුන අයත් ඇමතියො ලෙස යලි ඇයිද?
අප දැක ඇත්තෙ හංසයවද කොකාවද?

Friday, March 6, 2015

ඖෂධ පනත

රට වැසියන්ගෙ වටිනා දිවි රැකගන්න
අඩු මුදලකට නිසි ඖෂධ ලැබ දෙන්න
රැවටිලි මෙන්ම ජාවාරම නවතින්න
හැකි ඉක්මනින් සම්මත කර ගෙන එන්න

රට කාසියට ලොක්කන් යට වෙන්න එපා
මාෆියාව ඉදිරියෙ බය වෙන්න එපා
මතු වී ඇවිත් නැවතත් නැති වෙන්න එපා
සැම වෙනුවෙන්ම එන දේ හරවන්න එපා

Tuesday, February 24, 2015

විනය

කොණ්ඩය වවන අය නැහැදුනු කට්ටියද?
කොණ්ඩය කපන විට විනයක් ඇති වෙයිද?
අදින ඇද‍ුම විනයට මිනුමක් වෙයිද?
විනය තියෙන්නේ පෙනුමෙද ක්‍රියාවෙද?

Monday, February 9, 2015

දවල් නගරය

දුකද සතුටද වේදනාවද එකට එක් කළ පුදුම තැනකි
වදන් ඝෝෂා එකට ගැයෙනා අරුම දැනෙනා ගීයකි
සෑම අරමුණු එකට ගැටෙනා හැගුම් පිරෙනා සිහිනෙකි
ගතට සිතටත් හොදින් දැනෙනා කළබලේ මැද වරුවකි

Friday, January 23, 2015

මැරෙමින් ඉපිද....

මැරෙමින් ඉපිද දිගටම සටනේ රැදිලා
සෙන්පති ලෙසින් අප මවුබිම රැකදිලා
නිදහස සමග සතුටද රටටම දීලා
සිරබත් කෑව පෙර රජුහට වැරදීලා

පෙරටම යන්න දිරි ශක්තිය හිමි වේවා
මවුබිම නමින් සැමදාටම ජය වේවා
රට වෙනුවෙන්ම සැම දෙවියන් රැක දේවා
නිදහස දුන්න ජනපතිදුනි තුති වේවා

Sunday, January 18, 2015

මහවැලිය

දෙ‍නෝදහකගේ පවස නිවා දමනා
බත් පත බෙදනා කෙත් වතු සරු කරනා
අදුර නිවන්නට නිති විදුලිය බෙදනා
මහවැලි ගංදිය සෙමින් ගලා බසිනා

Saturday, January 10, 2015

නව යුගයක්

ජනතාබලය නායකයන් දැනගත්වා
සුදුස්සාට සුදුසුම තැන හිමි වේවා
නීතිය රටේ සුරකින්නට හැකි වේවා
වචනෙට නොවන නව යුගයක් බිහි වේවා