Monday, March 23, 2015

නව යුගයක්..??

තව මාසෙකින් නව රට බිහි කල හැකිද?
යන මාවතේ හරි වෙනසක් සිදු වෙයිද?
වැරදුන අයත් ඇමතියො ලෙස යලි ඇයිද?
අප දැක ඇත්තෙ හංසයවද කොකාවද?

Friday, March 6, 2015

ඖෂධ පනත

රට වැසියන්ගෙ වටිනා දිවි රැකගන්න
අඩු මුදලකට නිසි ඖෂධ ලැබ දෙන්න
රැවටිලි මෙන්ම ජාවාරම නවතින්න
හැකි ඉක්මනින් සම්මත කර ගෙන එන්න

රට කාසියට ලොක්කන් යට වෙන්න එපා
මාෆියාව ඉදිරියෙ බය වෙන්න එපා
මතු වී ඇවිත් නැවතත් නැති වෙන්න එපා
සැම වෙනුවෙන්ම එන දේ හරවන්න එපා