Sunday, July 5, 2015

මහ මැතිවරණය

පරපුරෙන් ඡන්දයද දුන්නා
රැවටිලා උඩ බලන් උන්නා
පාට දෙකකට සිරව උන්නා
විකල්පයකට ඉඩ නොදුන්නා

පාට සිහිනෙක ඇදි අදී යති
දැකපු සිහිනය තවම නිම නැති
වසර ගණනක් රැවටුණෝ වෙති
විකල්පයකට කාලෙ දැන් ඇති