Wednesday, October 28, 2015

...

අකුරකට දිවි ඇත්ද දුක සතුට ලැබ දෙන්න
හැගුමකට පුළුවන්ද වචනයක හිරවෙන්න
සිහිනෙකට හැකිවේද පද පේලි පුරවන්න
කවියකට හැකිවේද ජීවිතය පවසන්න

Wednesday, October 14, 2015

ලෝක ආහාර දිනය...

කන්න වැඩිව විසි කරනා අපේ ලොවේ
අස්වැන්නට මිලක් නැතිව බොහෝ තැවේ
කුසගින්නට අහර නැතිව තවත් තැවේ
අහර දිනය සමරනවලු මෙහෙම ලොවේ

කුසගිනි වැඩිව දුක් විදිනා ඒ අයටයි
පාලනයෙන් තොරවී විදවන අයටයි
අහර විසවෙලා විදවන මිනිසුන්ටයි
විසදුම ගෙනාවොත් හෙට ලෝකයට හොදයි

Monday, October 5, 2015

ගුරු දිනය වෙනුවෙන්...

අඩුව නොකරම දැනුම දේනම්
කිසිම අයෙකුට වෙනස නැතිනම්
නැවුම් වෙනසට දිරිය වේනම්
රටම බාරයි ඔබට එහෙනම්