Wednesday, December 31, 2014

2015 සුභ නව වසරක් වේවා...

නිවැරදි දෑතකට සිරිලක හිමි වේවා
සොබා දහමෙ කරුණාවද හිමි වේවා
රට නාමයෙන් සැමදන එකමුතු වේවා
නව වසරෙදී මුළු රටටම ජය වේවා

ක්‍රීඩාවෙදී ලොව දිනුමට හැකි වෙන්නයි
නව නිපැයුම්ද රට වෙනුවෙන් බිහි වෙන්නයි
ලෝකය ඉදිරියේ නැවතත් සිට ගන්නයි
ලක් මෑණියන් හට වසරම සුභ වෙන්නයි


Thursday, December 4, 2014

මෝහිනී මෙසේ කියනවා ඇති...

මතකයි එදා අප දෑසින් කතාවුණා
හදවත පතුලෙ පෙම් හැඟුමන් මෝදු වුණා
සඳ යාමයේ අප නිතරම මුණගැහුණා
අඳුරු රැයක අප හැඟුමන් එකතු වුණා

දමා නොයන ලෙස කලකදි සපථ වුනා
ඔහුගේ වදන් හමුවේ මා රැවට වුනා
කළක් යද්දි ඔහු කොහිදැයි නොමැති වුනා
නමක් නොමැති පුතෙකුන් මගෙ ලගට වුනා

යන එන දිසා නැති ලෙස අසරණ මෙමට
වෙනත් යමක් කරගන්නට නැති කලට
දින දෙක අතර ඇතිවන දොළහේ පැයට
අවපුතු සමග පැන්නෙමි මම මහ ගගට

කෙම්මුර දිනට සද වැහියන් හැංගෙන්න
රෑකුමාරි මල් පිපියන් සුවදෙන්න
සිසිල් සුළං හමාපුදෙන් නැලවෙන්න
මගෙහිමි සොයා මා එන බව දැනගන්න