Friday, April 26, 2013

රජරට ගොවි බිම....

එදා රජරට ගොවි රජුන් අද සිටින්නේ ලෙඩ ඇදේලු
පිටරටින් ආ පොහොර හින්දා රටම ලෙඩ වන බවට බයලු
උඩින් පොහොරයි යටින් මුදලයි හින්ද ලොක්කන් කතා නැල්ලු
ගොවි බිමට වෙන නපුරු දැකලා ඉබේටම දෑසම තෙමෙයිලු

පැයෙන් එහෙ මෙහෙ යන්න කියලා පාරවල් හැදුවාට ඇතිද?
ගොවි බිමට ජල ගෙනෙන විදි ගැන තැකීමක් ඕනේම නැද්ද?
පිටරටින් ගෙන්වන්නෙ නැතිනම් අපිට හෙට දින කන්න නැද්ද?
අපිට ගැලපෙන වර්ධනේ ගැන අනේ දැනුමක් තවම නැද්ද?

Wednesday, April 17, 2013

නීතිය

අනාගතය මෙරටේ දියුණට යන්න
හොර මැරකම්ද පොඩ්ඩක් හෝ නවතන්න
වැරදි කරුව හොයලා දඩුවම් දෙන්න
කෙලින් නීතියක් මෙරටේ බිහිවෙන්න

ඉවක් බවක් නැති ලෙස හොරකම් කරන
රටේ මුදල් වංචාවෙන් අරගන්න
එහෙව් වැඩෙන් අපෙ සිරිලක වනසවන
උන්හට අනේ රජ කල දඩුවම් දෙන්න