Sunday, September 28, 2014

වර්තමාන ලාංකීය සමාජය

  වර්තමාන ලාාංකීය සමාජය අතරමං වී ඇත.ලාංකීය සමාජයේ නියමුවන් වන වැඩිහිටියෝ මෙකලට නොගැලපෙන පැරණි සමාජ ලක්ෂණ ස්තාපිත කිරීමට උත්සහ කරති. අනවශ්‍ය ලෙස ද‍ේශපාලකයන් කෙරෙහි බලාපොරොත්තු තබති.ශ්‍රී ලාංකික සමාජය තම අනන්‍යතාවය රැක ගැනීමටද ල‍ෝක සමග දියුණුවීමටද අසමත් වී ඇත.මීට හේතුව රැක ගැනීමට උත්සහ කළ සමාජ ලක්ෂණද ලබාගත් විදෙස් සමාජ ලක්ෂණද දියුණුවට හේතු නොවීමයි.

Monday, September 15, 2014

ආකල්ප සංවර්ධනය

එකම රටක් ලෙස සිටිනට හැකිවේ නම්
අපේ දෙයට ගරු කරනට දන්නේ නම්
වෙනසක් කරන්නට අයුරක් දන්නේ නම්
දියුණුව නොනවතින බව දන්නේ නම්

නිවැරදි සිතුම් ඇති අය වට්ටනු නොහැකි
වංචාවකින් ලොව ජයගන්නට නොහැකි
හරි ආකල්පයෙන් ලොව වෙත යන්න සකි
හදවත් තුලින් නොමියෙන ලෙස සිටිනු හැකි

Saturday, September 6, 2014

කාළය

නොදැනෙන ලෙසට ගෙවිලා යන මායාව
ඝටිකා කටු වලින් මනිනා වේලාව
අපමන වටින බව ලොව කව්රුත් කිව්ව
නිසි ලෙස යොදා වෙනසක් කල හැකිය ලොව

යමකට හොදම කාළය නම් කළ හැකිද?
නව වෙනසකට තවමත් කාලය නැත්ද?
කාළය සමග දියුණුව වෙත ඇදි යයිද?
මෙය විසදනා විට විරුවන් නම් වෙයිද?