Sunday, March 31, 2013

ජාතිය හා ආගම

එකම සිරිලක් ජාතියයි
මිනිස්කම මගෙ ආගමයි
කාට වූවත් සමානයි
විපත වුවහහොත් පිහිට වෙයි

ත්‍රස්තවාදෙට විරුද්දයි
කවුරු කෙරුවත් වැඩ කැතයි
සැමට ඕනේ නිදහසයි
අපට ඕනේ එක රටයි

Friday, March 22, 2013

රාජ්‍ය සේවකයන් වෙතටයි...

ලැබෙන සොච්චමෙන් මාසෙ දුවලා
ණයට බරවී ගෙවල් හදලා
බස් එකේදිත් කට්ට කාලා
ප්‍රශ්න වැලකින් ඔළුව පිරිලා

කෙතරම් ප්‍රශ්න තිබුනත් පෙන්වන්න එපා
ප්‍රශ්න අසන අය වෙත ගොරවන්න එපා
ඔබ වැනි අයකු බව අමතක කරන් එපා
රටේ කාලෙ බොරුවට කා දමන් එපා


Saturday, March 16, 2013

Time

Time shouldn't be wasted,


It should be harvested, 

In a Way which your future is supported,

In a Mood where success is appreciated,

In an Atmosphere where happiness is ruled,

With a Target where progress is needed,

With Friendships where personality is molded,

With dedication,

Without suffocation,

There are targets waiting for completion. . . . . . . . .

Thursday, March 7, 2013

බිග් මැච් කාලෙ ඇවිල්ලා

ජය පැරදුම එක ලෙසට දරන්නයි
ක්‍රීඩාවෙ ගුණ හොදට රැකනේනයි
අපෙ රටෙ නම ලොවෙ දිලෙන්නයි
වැදගත් ක්‍රීඩකයන් බිහි වෙන්නයි

තුනටම එක ලෙස දස්කම් පානා
ජීව ගුණය පිටියේ මැද රකිනා
පොලවේ සිටගෙන කතාව කරනා
සැබෑම ක්‍රීඩකයන් බිහි වෙන්නා